🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Sunday, 02 August 2026
Mee Pirunu Suwanda Mal Wane
Play Video
Duration ⏱ 02:59
Category Unknown
Unknown ▶ YouTube Original Song

Mee Pirunu Suwanda Mal Wane

මී පිරුණු සුවඳ මල් වනේ

Watch on YouTube
මී පිරුණු සුවඳ මල් වනේ
ආදරය සිනා සෙනු පෙනේ
පැතුම් බිහි වෙලා කුරුළු වෙස් වලා
අනන්තයට යයි පියාඹලා
 
රැව් නැඟේ තුරුණු හද බිමේ
ජීවිතය අරුත දැන් දැනේ
හැඟුම් පිබිදිලා දෙතොල් මතුරලා
කතා කරයි පියා සල සලා
 
සිහිනෙකින් හරී
සිතන්නට බැරී
ඉඳුනිලක් ලැබී
කැළුම් දෙයි පිරී
 
විමන් නොපතමි
යහන් නොසයමි
ඔබගෙ හද බිමේ
වැතිර සැතපෙමි
 
නෙත් පියන් වැසීලා
සිත් තුටින් පිරීලා
නින්ද යයි සුවෙන් නිසන්සලේ
 
රැව් නැඟේ තුරුණු හද බිමේ
ජීවිතය අරුත දැන් දැනේ
හැඟුම් පිබිදිලා දෙතොල් මතුරලා
කතා කරයි පියා සල සලා
 
මී පිරුණු සුවඳ මල් වනේ
ආදරය සිනා සෙනු පෙනේ
පැතුම් බිහි වෙලා කුරුළු වෙස් වලා
අනන්තයට යයි පියාඹලා
 
කොකුන් තුවරලා
සඳුන් මුසු වෙලා
සුගන්ධය ගලයි
සුළගේ විසිරි ලා
 
පෙර දි තැනක දී
දිනෙක බැඳි බැඳී
හිටිය හැටි සිතේ
මතකෙ ඇඳි ඇඳී
 
ඒ ගැනත් මෙසේමයි
මේ දිනත් මෙවාගෙයි
පෙම් පහන් දිලෙයි බවෙන් බවේ
 
මී පිරුණු සුවඳ මල් වනේ
ආදරය සිනා සෙනු පෙනේ
පැතුම් බිහි වෙලා කුරුළු වෙස් වලා
අනන්තයට යයි පියාඹලා
අනන්තයට යයි පියාඹලා
අනන්තයට යයි පියාඹලා

🎵 Related Songs

View All →
Dan Ithin Wena Kumak Karannada
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ