මංකඩ ළඟ හැන්දෑවේ දියබුං හඬ නගනා..
දන්ගොන්නේ පන් කොටුවට යාන්තමින් පෙනෙනා..
බිම් කලුවේ හෙවනැල්ලට හීන් සැරේ මැකෙනා..
මං දන්නා කුමාරයෙක්..ඉන්දිකද ළඟ උන්නා..
තුං තුඹ මල් පෙති පොරවා
නින්දට සැරසෙන්න..
රණ්ඩු වේවි රෑන් පිටින් මලිති බටිති ලන්දේ සැඟවෙන්න...
හීන් හුළඟ මා තනිකොට ලන්දට දිව යන්නා.....
ගං ඉවුරෙන් සීපදයක් මගේ තනියට එන්නා ...
මංකඩ ළඟ හැන්දෑවේ දියබුං හඬ නගනා..
දන්ගොන්නේ පන් කොටුවට යාන්තමින් පෙනෙනා..
බිම් කලුවේ හෙවනැල්ලට හීන් සැරේ මැකෙනා..
මං දන්නා කුමාරයෙක්..ඉන්දිකද ළඟ උන්නා..
රන් පාටින් ආකාසේ මගේ සිතිවිලි අඳිනා..
හීන් හිනා පොද වැස්සේ මගේ ලොවම තෙමනා
යාන් අලෙ ඒ දණ්ඩෙන් මා එගොඩට
මං දන්නා කුමාරයෙක් මංකඩ ළඟ උන්නා..
Related Songs
View All →
Mage pin bima raki helayo
මගෙ පින් බිම රැකි හෙළයෝ
RANGUME
උමාරියා
Manda Pama
මන්ද පමා
Chandra Payanna
චන්ද්‍රා පායන්න
Ayyo Saami
අයියෝ සාමි
Ekama Namai
එකම නමයි