🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Tuesday, 06 October 2026
මනබන්දන රූපේ - ඔය හසඟන තාලේ
පිය නග නග දෑසේ
මා අවුලනවා
හද කැන්දන හැඟුමේ - පා අනසක රහසේ
නුඹවම ඉල්ලා මේ
හිත වද දෙනවා
ටික ටික ටික නොදැනී
හිත හිත හිත ඇදුනී
එකමෙක බැල්ම නුඹේ ගැටුණු හදේ දොර ඇරුනී
 
මනාලයි
හිත නුඹටම ආලයි - නුඹෙ ළඟ මනමාලයි
මෘදු සිහින මවාලයි - මවාලයි
 
විඳින බඳේ සුව නිබඳේ
සතුට නුඹේ සාරි පොටේ
දැක තන්හා උපදින්නා ලමැදේ
රැගෙන ලොවේ හතර වටේ
යනෙමි මගේ වුණ දවසේ
රැක පණ හා සම නුඹ මා එකසේ
 
හැඩට සඳේ වත සසැඳේ
වචන ඉබේ කවි පද වේ
කෙලෙසින් මා වලකන්නා හිත මේ
සුභ මොහොතේ මුදුව අතේ
පළඳ හිතේ පැතුම ලෙසේ
හිමිකම් මා සතු වේවා නුඹගේ

🎵 Related Songs

View All →
Mage pin bima raki helayo
▶
Mage pin bima raki helayo
මගෙ පින් බිම රැකි හෙළයෝ
2026
RANGUME
▶
RANGUME
උමාරියා
2019
Manda Pama
▶
Manda Pama
මන්ද පමා
2020
Chandra Payanna
▶
Chandra Payanna
චන්ද්‍රා පායන්න
2021
Ayyo Saami
▶
Ayyo Saami
අයියෝ සාමි
2026
Ekama Namai
▶
Ekama Namai
එකම නමයි
2026