🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Thursday, 08 October 2026
Mal Rap Jathakaya
Play Video
Year 2022
Released 12 Aug 2022
Category Music Video
Music Video ▶ YouTube Original Song 2022

Mal Rap Jathakaya

මල් රැප් ජාතකය

Watch on YouTube
මං බූමරංගෙ වගේ කැරකෙන්නේ ඔළු අතරේ
වෙන්නේ නෑ නතරේ දැන් පැද්දෙන්නකෝ මිතුරේ
රාමුවෙන් බැහැරේ දුක නසන යතුරේ
මගේ තාලෙට ගැස්සිලා කොල්ලෝ “නිමල්” උනත් ඇහැරේ
 
ආහ්
මං දන්නෝ යට පඩියේ රඟේ... ආහ්
බලපං උඩ පඩියේ රඟේ... ආහ්
හැබැයි දෙපතුල් බිම මගේ
තප්පුලපන් තව ඒවා වදින්නෑ මගේ ඇඟේ... wooh
 
අපි මේකෙන් කාලා ඇඳලා ඉද්දි ඇයි ? (ඇයි)
තොපේ ඇඟේ නටන්නෙම මාළු ඒයි (ඒයි)
ඉරිසියාවනන් ඉරිසියාව බ්‍රෝ (haha)
දන්නවා නම් පුටින් උනත් ඇඹරෙයි (hooo)
 
හතුරයි කලේ මාව මුවහත්
සෙල්ලමේ “unicorn” වැටුනත් නැගිට්ටා මං ආයේමත්
හිටවයි බතල කටින් හැබැයි ක්‍රියාවයි වැදගත්
පිල්ලි කුහක මුන්ගේ ඇඟ පුරාම අරක්ගත්
 
මං චිල් එකේ ඉන්නේ (ඉන්නේ)
ගිනි නෑනේ මං දෙන්නේ (දෙන්නේ)
උඹ බන්දු නම් මම අන්දරේ හැබැයි
සීන් එකේ ඉන්නේ
 
පාගල් එකේ යන්නේ (යන්නේ)
තෙල් නෑනේ හංගන්නේ (ගන්නේ)
උඹ බන්දු නම් මම අන්දරේ හැබැයි 
සීන් එකේ ඉන්නේ
 
සිහි කැඳවීමයි සංගීතේ අතීතයක්
ආපස්සට හැරිලා බලපං ආයේ දශකයක්
දාලා ගිය ගෑනි නිසා එකම විලාපයක්
කොල්ලෝ හැපි හැපී අඬයි අවසානේ මරණයක්
 
ඒවා තමා අපිනං දැකපු “මල් සිංදු”
ආත්ම ගරුත්වය බිංදු දරාගැනීමද බිංදු
විශාදයෙන් පනින රිලවට ඉනිමං බැන්දූ
ඒකයි පෑනෙන් හෙව්වේ වෙනසක් කලාවේ සිංදු
 
මුන් දන්නේ genre දෙකයි 
එකක් රැප් (Rap) එකක් “මල්”
අපි ලෝකෙත් එක්ක දුවයි තොපි එක තැන පල් (yeah)
ඔළු කාලා පොඩි උන්ගේ ඒවා වෙලා කුරුවල්
කියා දියන් මුන්ට සංගීතේ except “මල් රැප්”
 
Shout out to චමා, ස්මෝකා, ශානා උඩටම නගිමු පඩි
කයිස් (Kaiz( උඹ කිව්වා හරි මටත් වැරදිලා තිබුණා අඩි
දෙයියෝ දුන්නෑ මල්ලි අහසට තියනකන්ම වෙඩි 
රැප් (Rap) සිංදු විතරක් කරන්නං මාසෙට ගෙවපන් පඩි
 
මං චිල් එකේ ඉන්නේ (ඉන්නේ)
ගිනි නෑනේ මං දෙන්නේ (දෙන්නේ)
උඹ බන්දු නම් මම අන්දරේ හැබැයි 
සීන් එකේ ඉන්නේ

🎵 Related Songs

View All →
Mage pin bima raki helayo
▶
Mage pin bima raki helayo
මගෙ පින් බිම රැකි හෙළයෝ
2026
RANGUME
▶
RANGUME
උමාරියා
2019
Manda Pama
▶
Manda Pama
මන්ද පමා
2020
Chandra Payanna
▶
Chandra Payanna
චන්ද්‍රා පායන්න
2021
Ayyo Saami
▶
Ayyo Saami
අයියෝ සාමි
2026
Ekama Namai
▶
Ekama Namai
එකම නමයි
2026