මහ රෑ යාමේ.. මේ ඇල් හේනේ
Maha Re Yame Me Al Hene
  • Lenght : 04:33

  • Song

    මහ රෑ යාමේ.. මේ ඇල් හේනේ ගී පද / Maha Re Yame Me Al Hene Lyrics

    මහ රෑ යාමේ මේ ඇල් හේනේ
    තනියම සීපද කියනු අසා
    තනියම සීපද කියනු අසා
    වෙහෙස දරාගෙන පාර අසාගෙන
    ආවෙමි අඳුරෙම ඔබව සොයා
     
    සීපද රාවේ සවනත වැකිලා 
    ඉන් මත් වීලද ඔබ ආවේ
    මහ රෑ තනියම මේ ලෙස එන්නට
    හොඳ නෑ ඇයි එය නොසිතූවේ...
     
    ඔබෙ සීපද මට හරි මිහිරියි 
    මෝරන සෙනෙහස යයි ඉතිරී ..
    කියන්න සීපද රස කරලා
    අහන්න ඒවා සැනසීලා ... 
     
    ඔබ කියනවනම් අසා සිටින්නම්
    ඔබේ දෙපා මුල සැතපීලා ...
     
    අඳුරයි සුළඟයි අපව වටා 
    තනි රකිනවා ආදරය සොයා ...
    දිවි ගංගාවේ ඔරුවයි හබලයි 
    වාගේ නැළවෙමු සුවය පතා .. 

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS