මගේ ම අනුරුව මගේ ම ළඟ හිඳ
මගේ ම මුහුණට සමීප වී
මගේ ම තොරතුරු මගේ ම දෑසින්
විමසන දවසක් එනු මැනවී...
ඔබගෙන් වෙන් වී ඉන්නා මොහොතේ
තනිකම නම් අසපුව ඇතුළේ...
ඔබගේ සුවඳයි ඔබගේ සුසුමයි
නිරතුරු ගැවසෙයි ළය මඬලේ...
මගේ ම අනුරුව මගේ ම ළඟ හිඳ...
විල හා මල සේ නොව අප අපගේ
හදවත් යුග පෑහී ඇත්තේ...
එක ජීවිතයක් දෙතැනක රැඳිලා
එක මල දෙතැනක පල ගත්තේ...
Related Songs
View All →
Mage pin bima raki helayo
මගෙ පින් බිම රැකි හෙළයෝ
RANGUME
උමාරියා
Manda Pama
මන්ද පමා
Chandra Payanna
චන්ද්‍රා පායන්න
Ayyo Saami
අයියෝ සාමි
Ekama Namai
එකම නමයි