🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Saturday, 01 August 2026
Mage Kubure Ini Wata (Kageda Gon Wassa)
Play Video
Duration ⏱ 03:18
Category Unknown
Unknown ▶ YouTube Original Song

Mage Kubure Ini Wata (Kageda Gon Wassa)

කාගෙද ගොං වස්සා

Watch on YouTube
මගෙ කුඹුරේ ඉනි වැට බිදිලා - ලපටි ගොයම් පැල කාදමලා
රැක සිටියෙමි වෙහෙසක් නොබලා - අල්ලාගෙන ආවෙමි බැදලා
 
කාගෙද ගොං වස්සා - මගෙ කුඹුරට බැස්සා
හොද ගානක් උස්සා - පවරා දෙමි වස්සා
 
කාගෙද මේ හොර වසු පැටියා - සොයා කෙනෙක් එන තුරු සිටියා
මගේ අලාබය මේ සැටියා - අය කරගෙන දෙමි හොර කොටියා
 
කාගෙද ගොං වස්සා - මගෙ කුඹුරට බැස්සා
හොද ගානක් උස්සා - පවරා දෙමි වස්සා
 
සවස් වෙලා අපෙ ගේ පැත්තේ - කව්ද බොලේ එනවා දැක්කේ
වැටේ කඩුල්ලේ අර පැත්තේ - හදුනන මුහුනකි මම දැක්කේ
 
කාගෙද ගොං වස්සා - මගෙ කුඹුරට බැස්සා
හොද ගානක් උස්සා - පවරා දෙමි වස්සා
 
මොකද ලදේ මේ අරුමැක්කේ - කලකින් ඔබෙ ලස්සන දැක්කේ
අප ගැන ඇයි සැලකුම් නැත්තේ - මගෙ නම් නැහැ වෙනසක් ඇත්තේ
 
කාගෙද ගොං වස්සා - මගෙ කුඹුරට බැස්සා
හොද ගානක් උස්සා - පවරා දෙමි වස්සා
 
සිරිමල් අයියට පැණි වරකා - ගෙන ආවෙමි ගෙදරින් පොරකා
සිරිමල් අයියේ මට සලකා - දෙනවද මට මගෙ කලුහරකා
 
දුන්නට පැණි වරකා - දෙන්නම් කලුහරකා
මා ගැන තව සලකා - දෙනවද බහ මැණිකා
 
මට දෙනවද බහ මැණිකා
මට දෙනවද බහ මැණිකා
මට දෙනවද බහ මැණිකා
මට දෙනවද බහ මැණිකා

🎵 Related Songs

View All →
Dan Ithin Wena Kumak Karannada
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ