🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Saturday, 01 August 2026
Maduwithakin Re Kal Gevana
Play Video
Duration ⏱ 03:24
Category Unknown
Unknown ▶ YouTube Original Song

Maduwithakin Re Kal Gevana

මධුවිතකින් රෑ කල් ගෙවනා

Watch on YouTube
මධුවිතකින්
රෑ කල් ගෙවනා…
ඉගසුග බද
මායම් කරනා…
දෙව්ලොව
සුවදින් සිත් පුරවා…
ඔච්චම් කරමින්
ඉගි මැරුවා…
 
නිදි නැති රෑ
තුන්යම රගනා…
රතු දෙතොලින්
රහසේ කොදුරා…
සළෙලුන් හිත
මන්මත් කරනා…
මල්සර හී වරුසා වැටුණා…
 
සැතපෙන ඔබ ඔය
මුදු මල් යහනේ…
වෙනකෙක් සනහන
පාලු නිවහනේ…
නැලවෙන උකුළේ..
පිරිපුන් ළමැදේ..
රස මදිරා
අම පෙම් සුව ගැවසේ…
තහනම් ගෙඩි කෑ මුත් නුඹ රහසේ…
බැදුනත් නුඹ වෙන බඹරුන් පහසේ…
නැලවෙන උකුළේ..
පිරිපුන් ළමැදේ..
විදි සුව සිහිවන විට
හිත පිබිදේ…
 
අහංකාර නගරේ…
සුරගනක්ද නුඹ ළදුනේ…
නෙතු අග බැලුම් වසන් කර
රහස් කියනවද
විසේකාර ළදුනේ…
 
මධුවිතකින්
රෑ කල් ගෙවනා…
ඉගසුග බද
මායම් කරනා…
දෙව්ලොව
සුවදින් සිත් පුරවා…
ඔච්චම් කරමින්
ඉගි මැරුවා…
 
නිදි නැති රෑ
තුන්යම රගනා…
රතු දෙතොලින්
රහසේ කොදුරා…
සළෙලුන් හිත
මන්මත් කරනා…
මල්සර හී වරුසා වැටුණා…
 
නුඹටම අවනත නැති හිත රහසේ..
බදුනද ඔය ගත අනෙකුත් පහසේ..
නැලවෙන උකුළේ..
පිරිපුන් ළමැදේ..
රස මදිරා
අම පෙම් සුව ගැවසේ…
තහනම් ගෙඩි කෑ මුත් නුඹ රහසේ…
බැදුනත් නුඹ වෙන බඹරුන් පහසේ…
නැලවෙන උකුළේ..
පිරිපුන් ළමැදේ..
විදි සුව සිහිවන විට
හිත පිබිදේ…
 
මධුවිතකින්
රෑ කල් ගෙවනා…
ඉගසුග බද
මායම් කරනා…
දෙව්ලොව
සුවදින් සිත් පුරවා…
ඔච්චම් කරමින්
ඉගි මැරුවා…
 
නිදි නැති රෑ
තුන්යම රගනා…
රතු දෙතොලින්
රහසේ කොදුරා…
සළෙලුන් හිත
මන්මත් කරනා…
මල්සර හී වරුසා වැටුණා…
 
තනිවෙන්නම් මා..
මට නොවනම් ආදරේ..
මතකේ රදවන්..
ගතවෙද්දෙන් ජීවිතේ..
 
දිවියේ මතුදා..
යළි ඒනම් මා කෙරේ..
රැකගන්නම් මා..
පණ මෙන් නුඹෙ ජීවිතේ.. කෙල්ලේ…
 
මධුවිතකින්
රෑ කල් ගෙවනා…
ඉගසුග බද
මායම් කරනා…
දෙව්ලොව
සුවදින් සිත් පුරවා…
ඔච්චම් කරමින්
ඉගි මැරුවා…
 
නිදි නැති රෑ
තුන්යම රගනා…
රතු දෙතොලින්
රහසේ කොදුරා…
සළෙලුන් හිත
මන්මත් කරනා…
මල්සර හී වරුසා වැටුණා…

🎵 Related Songs

View All →
Dan Ithin Wena Kumak Karannada
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ