ලස්සන අත්තටු මට දෙනවා නම්
ඈතට ඈතට ඉගිලෙන්න..
මං ඔබව සොයාගෙන මොහොතින් එනවා
කැදැල්ල වෙත අරගෙන යන්න
පෙම් කිරිල්ලියේ ඔබ අහගෙන ඉන්නවද
මේ සුන්දර කතාවෙ තේරුම දන්නවද
මං ඔබට මොන තරම් ආදරෙයිද
ඔබ ආයෙත් අහනවද..
නෑ මට විස්වාසයි අපි දෙන්නා දැන්
දෙදෙනෙකු නොවන වග..
අපි දැන් අපේ වග..
මුකුලිත දෙනයන කතාකලා වගෙ දැනුනා..
ඕ මට දැනුනා
සෙලවෙන හදවත හෙමින් සැරේ අත වැනුවා..
අත වැනුවා
එක අහසක් - එකම සඳක් - තනි තරුවක්
මං මොනවා කරන්නද..
ඇත්තට මගෙ හිත හරි කලබල වෙනවා
මහ සාගරෙ වගෙ පෙම මගෙ හිත ඇතුලෙත්
විප්ලවයක් වෙනවා
ඔබෙ රුව ඉදිවෙනවා
විකසිත මල් මත සුවඳ රේණු ඉඟි මැරුවා..
ඕ ඉඟි මැරුවා
ඔය තොල් පෙති මත මගෙ දෑඟිලි දඟ කෙරුවා..
දඟ කෙරුවා
මල් යායක් - සොඳුරු පෙමක් - පොද වැස්සක්
පෙම් වසන්තයක් වී..
හරි ආදරයෙන් අපෙ ලොව සැරිසැරුවා
අදහාගන්නත් බෑ මෙි සුන්දර රැය
මම වෙමි හිමිකරුවා
ආදරෙ හිමිකරුවා..
ලස්සන අත්තටු මට දෙනවා නම්
ඈතට ඈතට ඉගිලෙන්න..
මං ඔබව සොයාගෙන මොහොතින් එනවා
කැදැල්ල වෙත අරගෙන යන්න
පෙම් කිරිල්ලියේ ඔබ අහගෙන ඉන්නවද
මේ සුන්දර කතාවෙ තේරුම දන්නවද
මං ඔබට මොන තරම් ආදරෙයිද
ඔබ ආයෙත් අහනවද..
නෑ මට විස්වාසයි අපි දෙන්නා දැන්
දෙදෙනෙකු නොවන වග..
අපි දැන්.. අපේ.. වග..
Related Songs
View All →
MANAMALA KATHA
මනමාල කතා
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ