🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Saturday, 01 August 2026
Kiyanna Sulange Oba Koi Sitado Enne
Play Video
Duration ⏱ 02:59
Category Unknown
Unknown ▶ YouTube Original Song

Kiyanna Sulange Oba Koi Sitado Enne

කියන්න සුළඟේ ඔබ කොයි සිටදෝ එන්නේ

Watch on YouTube
කියන්න සුළගේ ඔබ 
කොහි සිටදෝ එන්නේ 
සැරින් සැරේ හෙමින් ඇවිත් 
හයියෙන් යන්නේ ......
 
කොහෙන් කොහොම ආවත් 
මොකටද විමසන්නේ 
වනන්තරේ ඔබ දැක නැති 
තැනකිනි එන්නේ ....
 
හමන තාලයටද ගහේ අතු සෙලවෙන්නේ 
අතර මගදී ඔබ එන විට මොනවද දැක්කේ 
ගොපළු පුතෙක් ගියා උදේ ගව රැල දක්කා 
මට අත වන වන කුඹුරක් නැටු හැටි දැක්කා 
 
සමගි වෙලා තැන තැන යන වාලු එක රැලේ 
කැලේ මැදදී සත්තු දැක්කේ නැද්ද මද නලේ 
කුරුළු මවක් නැති උන පොඩි පැටවෙකු සෙව්වා 
තුරුළු කරන් මුවදෙන පැටියට කිරි පෙව්වා 
 
බුදුන්ගේ සිරි පා ඇති යයි ලොව පරසිද්ද 
සමන් ගිර වටේ සුළගේ ඔබ ගියේ නැද්ද 
 
ඔබත් ළමයෝ මේ අහන්නේ මොනවද මන්දා 
අදත් උදැසන මා සිරි පාදය වැන්දා 
රටක් බලා හැමට සිසිල බෙද බෙද දෙන්න 
මටත් ඇහැකිනම් ඔබ මෙන් තැන තැන යන්න

🎵 Related Songs

View All →
Dan Ithin Wena Kumak Karannada
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ