කිරි කවඩි සිනහා නොදැක බැඳුණු ආදරේ
Kiri Kawadi Sina
  • Lenght : 03:11

  • Song

    කිරි කවඩි සිනහා නොදැක බැඳුණු ආදරේ ගී පද / Kiri Kawadi Sina Lyrics

    කිරි කවඩි සිනහ නොදැක බැඳුණු ආදරේ
    ඇගෙ අහංකාර බැල්මට බැඳි ආදරේ
    ආදරේ.. ආදරේ...//
     
    කිරි කවඩි සිනහ නොදැක බැඳුණු ආදරේ
     
    පුළුලු උකුල සිහිනිඟ සුඟ
    සුනිල උපුල දිගු නෙත් යුග
    සඳැස් කවක උපමාවක් යොදාලා
    පෙම් කවක් ලියන්නෙමි පත් ඉරු පුරාලා
    පෙම් කවක් ලියන්නෙමි පත් ඉරු පුරාලා
     
    කිරි කවඩි සිනහ නොදැක බැඳුණු ආදරේ
    ඇගෙ අහංකාර බැල්මට බැඳි ආදරේ
    ආදරේ.. ආදරේ...
    කිරි කවඩි සිනහ නොදැක බැඳුණු ආදරේ
     
    නැකැත් අරන් මා එනතුරු
    හෙට කුකුළා හඬළන තුරු
    ප්‍රේම ගඟේ ගීය හෙමින් ගයාලා
    අපි යන්න යමුද පෙම් ඔරුවක නැගීලා
    අපි යන්න යමුද පෙම් ඔරුවක නැගීලා
     
    කිරි කවඩි සිනහ නොදැක බැඳුණු ආදරේ
    ඇගෙ අහංකාර බැල්මට බැඳි ආදරේ
    ආදරේ.. ආදරේ...//
     
    කිරි කවඩි සිනහ නොදැක බැඳුණු....
    ආදරේ...

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS