🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Saturday, 01 August 2026
Kawada Ho Sasara Kathara
Play Video
Duration ⏱ 03:00
Category Unknown
Unknown ▶ YouTube Original Song

Kawada Ho Sasara Kathara

කවදා හෝ සසර කතර අතර මගකදී

Watch on YouTube
කවදා හෝ සසර කතර අතරමගකදී
දුටුවා ඔබ මට අමතක නොවන තැනකදී...
එතැන් පටන් මම එමි සෙවනැල්ල නියවේ
කියන්න බෑ මහිමය මා බැන්ද දයාවේ....
 
මිදුලෙ හි ඇති ආලෝකය නිවසට එන්න..
සොඳුර ඔබේ දෑතට මගෙ දෑතම මෙන්න..
මිදී දුකින් රස බලන්න සිතමි ජීවිතේ..
රිදී ඉරකි ඔබ මාගේ අඳුරු ජීවිතේ...
අඳුරු ජීවිතේ...
 
පවසනු බැරිනම් ඉදිරියෙ කරුණු ඔබෙ හිතේ..
මට පණිවිඩ එවනු මැනවි කුරුල්ලෙකු අතේ..
දුකයි සැපයි ජයයි පරජය හැම මැද්දෙන්..
ඔබෙයි මගෙයි අඳුරු ලොවට සඳ පායද්දෙන්
සඳ පායද්දෙන්.....
ආදරේ හැම හදවතකට දැනෙනවා.ඒත් ඉතින් අපේ සමාජයේ කට්ටිය හිතාන ඉන්නෙ ආදරේ ඉස්සරලම
 
à¶´à·Š‍රකාශ කරන්න à¶•à¶± පිරිමි පාර්ශවයෙන් කියලනෙ.අනේ එහෙම à¶‘à¶šà¶šà·Š නෑ.මට හිතෙන හැටියට නම් ආදරේ කරද්දී à¶…à¶´à·’ හැමෝම වරද්දගන්න තැන එතැන.දැන් ගොඩක් වෙන්නෙ à¶…à¶´à·’ කැමති කෙනෙකුගේ පස්සෙ ගිහින් ගිහින් බලෙන් වචනෙ ගන්න එකනෙ.à¶§à·’à¶šà¶šà·Š හිතන්නකො ඇයි බැරි à¶…à¶´à·’à¶§ ආදරේ කරන කෙනෙකුට ආදරේ කරන්න.හොඳින් තේරුම් ගත්තොත් ගොඩාක් දුර යන්න පුලුවනි එහෙම ආදරේකට....
සමහරවිට මෙහෙමත් හිතෙනවා මේ සිංදුව අහද්දි දෙමව්පියෝ අකමැත්තක් දක්වලා ගැහැණු ලමයව හිර කරගෙන ඉන්නවා වෙන්නත් පුලුවනි. ඇයි එයා කියනව මගෙ මේ අඳුරු ජීවිතේ එළිය ඔයා කියලා හැම කරදරයක් ම දිනන්න හදන්නේ ඒකනේ
 
කොහොම උනත් ඉතින් ගැහැණු දැරිවියකගෙ හිතේ පිළිසිඳගත්තු මේ ආදරය ඇය හරි ලස්සනට කියනවා.මේ ජීවන ගමනෙදි ඔයාව දැකපු දවසෙ ඉදන් මම ඔයා එක්කමයි.මගෙ ආදරේ තරම කියන්න බෑ මට.හැම බාධාවක් ම ජය ගන්න මගෙ අත අරගෙන බලන්න.ඔයා මගෙ මේ ජීවිතයට ආලෝකයක්.මගෙ ඉස්සරහට ඇවිත් කියන්න බැරිනම් කොහොමහරි පණිවිඩයක් දෙන්න අඩුම තරමෙ කුරුල්ලෙකුටවත් කියලා එවන්න
අහන්න අපි මෙහෙම ඉන්නවාට වඩා ලස්සන ලෝකයක් අපිට හදාගන්න පුලුවනි මොන කරදරයක් ආවත්.........
 
~~සංජය ලක්මාල්~~

🎵 Related Songs

View All →
Dan Ithin Wena Kumak Karannada
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ