🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Tuesday, 06 October 2026
Kanthoruwa Kanthoruwa
Play Video
Duration ⏱ 04:41
Category Unknown
Unknown ▶ YouTube Original Song

Kanthoruwa Kanthoruwa

කන්තෝරුව කන්තෝරුව මම වැඩ කරන

Watch on YouTube
කන්තෝරුව කන්තෝරුව මම වැඩ කරන
එතන තමයි මා හට ඇති විනෝද උයන
ගී ගයමින් නිතරම මා සතුටින් සිටින
කන්තෝරුව තමයි මාගෙ විනෝද උයන
 
මම වැඩට යන්නෙ දවල් දහය පහුවෙලා
මගෙ යාළුවො ඇත මා එනතුරු පුල පුලා
අපෙ ලොකු මහත්තයා එන වෙලාව බල බලා
මම ගී ගයනවා මිතුරන් හා එක්වෙලා
මම වැඩ කරනවා කියාල කන්තෝරුවේ
මගෙ මේස ළඟින් ඉඳගෙන මගෙ යාළුවෙ
තේ වෙලාව එනතුරු මගෙ පාඩුවෙ
කටු ගැන ගැන ඉන්නවා ඔරලෝසුවේ
 
කන්තෝරුව කන්තෝරුව ………
 
පාටියකට යන්නට මට හිතුනොතින්
කන්තෝරුව ඇරෙන වෙලාවට කලින්
මගෙ මිතුරන්ගෙන් ලැඛෙන්නාවු උදව්වෙන්
මම පැනල ගෙදර යනවනෙ ලොක්කට හොරෙන්
පැනල ආ නමුත් මගේ වැඩ හරියට
මගෙ යාළුවො ටික කරල තියයි නූලට
දවසක් අසුවෙන්න ගිහින් ලොක්කට
බේරුණෙ මම පූරුවෙ ලොකු පිනකට
 
කන්තෝරුව කන්තෝරුව ………
 
පඩි දින හැර අනිත් දවස් බල බලා
මම වැඩට යන්නේ තේ වෙලාව අල්ලලා
තේ බී එනකොට මම වැඩපොල බලා
දවල් කෑමට යන්නට සිදුවෙලා
කෑම පැයට ටිකක් නිදාගන්නවා
ඇහැරෙනකොට සවස් වෙලා තියෙනවා
එවිට මෙමට වැඩ කරන්න හිතෙනවා
නමුත් එතකොටමත් කන්තෝරුව ඇරෙනවා
 
කන්තෝරුව කන්තෝරුව ………

🎵 Related Songs

View All →
Dan Ithin Wena Kumak Karannada
▶
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
▶
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
▶
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ