කැලණි ගඟට සඳ වැටිලා කැලණි අහස හඬන්නේ
Kalani Gangata Sanda Watila
  • Lenght : 04:23

  • Song

    කැලණි ගඟට සඳ වැටිලා කැලණි අහස හඬන්නේ ගී පද / Kalani Gangata Sanda Watila Lyrics

    කැළණි ගඟට සඳ වැටිලා
    කැළණි අහස හඬන්නේ
    පැරණි පෙමක සුවඳ දිගේ
    ගඟ පහළට ගලන්නේ //
    ගඟ පහළට ගලන්නේ //
     
    සැළලිහිණි වැද කැලණී
    පාලම් මුර පොළ ළඟිනී //
    බිය සිතිලා පැන ගියෙනි
    කැළණි සඳ සොවින් සැලූණි
     
    ගඟ උඩිනි ගිය කෙකිනි
    කිරි කළ ගඟටම හැලුණි //
    පෙර රමණී නැති සොවිනී
    කැළණි සඳ ගඟට වැටුණි
     
    කැළණි ගඟට සඳ වැටිලා
    කැළණි අහස හඬන්නේ
    පැරණි පෙමක සුවඳ දිගේ
    ගඟ පහළට ගලන්නේ //
    ගඟ පහළට ගලන්නේ //

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS