මගෙ ළඟ තනියට අඩ සඳ නිරුවත
සිල් සිඳලන බව හිත කිව්වා
හති මට හොඳටම නවතින හිතකට
මොන සෘංගාරෙද කලකිරුණා
කවුරුන්දෝ
කාමාශ්‍රීයෙන් සරා
රාගී හිත රවටලා
පරිනත වෙද්දී තමා
තේරුම් ගත්තේ මේ මා
කාමාශ්‍රීයෙන් සරා
රාගී හිත රවටලා
පරිනත වෙද්දී තමා
තේරුම් ගත්තේ මේ මා
මගෙ ළඟ තනියට අඩ සඳ නිරුවත
සිල් සිඳලන බව හිත කිව්වා
හති මට හොඳටම නවතින හිතකට
මොන සෘංගාරෙද කලකිරුණා
දන්නෑ මට තේරුනාට
ඇත්තටම තේරුනාද
අහම්බෙකින් පාපෙන් මාව බේරුනාද
හිත තෘප්තිමත් ආස සියලු දේ උනාම
ඒ උනාට කලකිරෙනව ඇත්ත තේරුනාම
හැමදේම මායාවක්
කාමෙන් ඇලී මවාගත්
රාගී හිතේ තවමත් ගැටේ සරාගී චායාවන්
මා හා යහනේ දැවේ කෙල්ලන් තන්හා රතී රඟාවන්
පාවී මරඟ රැඟුම් මවමින් නෙක රටාවන්
කාමය දේදුන්නක් වගේ පාට පාට
කාලේ මැරුව මන් ඒ වෙද්දි ගාට ගාට
ඒ අද්දැකීම් හිතේ ඇත පාඩමක්ව
ස්ත්‍රියයි වියවුලට කාරණාව
ලොව මට හිනැහෙන බව හිත දැන ගෙන
මට මම පමණකි බව දැණුනා
කම්සුව විඳි මම හැම දෙය අතහැර
ලොව නිර්වානෙට දොර ඇරියා
කවුරුන්දෝ
කාමාශ්‍රීයෙන් සරා
රාගී හිත රවටලා
පරිනත වෙද්දී තමා
තේරුම් ගත්තේ මේ මා
කාමාශ්‍රීයෙන් සරා
රාගී හිත රවටලා
පරිනත වෙද්දී තමා
තේරුම් ගත්තේ මේ මා
මගෙ ළඟ තනියට අඩ සඳ නිරුවත
සිල් සිඳලන බව හිත කිව්වා
හති මට හොඳටම නවතින හිතකට
මොන සෘංගාරෙද කලකිරුණා
Related Songs
View All →
Mage pin bima raki helayo
මගෙ පින් බිම රැකි හෙළයෝ
RANGUME
උමාරියා
Manda Pama
මන්ද පමා
Chandra Payanna
චන්ද්‍රා පායන්න
Ayyo Saami
අයියෝ සාමි
Ekama Namai
එකම නමයි