ජීවනයේ මීවනයේ
පෙම්රස පල ලබාදෙයි නිබඳේ
ජීවනයේ මීවනයේ
පෙම්රස පල ලබාදෙයි නිබඳේ
ඇසේ මේ සුරල් ගීතිකා මමයි රූපිකා
රඟදෙන ආදර මණ්ඩපයේ
ජීවනයේ මීවනයේ
පෙම්රස පල ලබාදෙයි නිබඳේ
වන්නතරේ මේ තුරු සෙවනැල්ලේ
ඉමු සැනසිල්ලේ සියුමැල්ලේ
වන්නතරේ මේ තුරු සෙවනැල්ලේ
ඉමු සැනසිල්ලේ සියුමැල්ලේ
හෙමින් කැලේ මල් රේණු තලාවේ
ප්‍රේම සුරල් පද වෑහෙන්නේ
ඇසේ මේ සුරල් ගීතිකා මමයි රූපිකා
රඟදෙන ආදර මණ්ඩපයේ
ජීවනයේ මීවනයේ
පෙම්රස පල ලබාදෙයි නිබඳේ
මී උතුරායන රස මදිරාවේ
සිත්සේ මා කිමිදී නෑවේ
මී උතුරායන රස මදිරාවේ
සිත්සේ මා කිමිදී නෑවේ
ලංවී නැලවෙන කළ ඔය දෑසේ
උණුසුම් වෙයි මෝරන සීතේ..
ඔබේ නිල් නුවන් සාගරේ..
මැණික් ආකරේ..
මා මත් කල මැන රූමතියේ..
ජීවනයේ මීවනයේ
පෙම්රස පල ලබාදෙයි නිබඳේ
ජීවනයේ මීවනයේ
පෙම්රස පල ලබාදෙයි නිබඳේ
ජීවනයේ මීවනයේ
පෙම්රස පල ලබාදෙයි නිබඳේ
ඇසේ මේ සුරල් ගීතිකා මමයි රූපිකා
රඟදෙන ආදර මණ්ඩපයේ
ජීවනයේ මීවනයේ
පෙම්රස පල ලබාදෙයි නිබඳේ..
Related Songs
View All →
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ
ආලෙන් වෙල෠ගන්න
Alen Wela Ganna