🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Saturday, 01 August 2026
Iru Dina Pamanak Nowa
Play Video
Duration ⏱ 03:28
Category Unknown
Unknown ▶ YouTube Original Song

Iru Dina Pamanak Nowa

ඉරු දින පමණක් නොව තව දස දහස් දිනක්

Watch on YouTube
ඉරු දින පමණක් නොව තව දස දහස් දිනක්
ඔබ හමුවන්නට ඇත්නම් එය මහත්  පිනක්
අද ඔබ දැක පිය නැගුවත් සිත යලිත් වරක් 
හෙට වන තුරු පෙරුම් පුරයි නැත ඉමක් කොනක්
 
ඉරු දින පමණක්  ............
 
සතියක් මාසයට හැරී අවුරුදු වන්නේ
එලෙසින් අපෙ ආදරයේ දළු ලියලන්නේ
දවසින් දවසම හැඩ වී ඔබව පෙනෙන්නේ - ඔබව පෙනෙන්නේ
එනිසයි මා ඔබ දැකුමට හැම දින එන්නේ
 
ඉරු දින පමණක්  ........
 
දෙකොපුල් වල ගැසෙන ලෙසිනි ඔබ හිනැහෙන්නේ
කිසිදා නැත ඔය මදහස අමතක වන්නේ
මහදේ උතුරන සෙනෙහස නැත නිම වන්නේ- නැත නිම වන්නේ
කෙදිනද ඔබ මගෙ අත ගෙන පැල වෙත එන්නේ
 
ඉරු දින පමණක්  .................//
හෙට වන තුරු පෙරුම් පුරයි නැත ඉමක් කොනක් ///

🎵 Related Songs

View All →
Dan Ithin Wena Kumak Karannada
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ