ඉහළ අහසේ පුංචි අත්තටු
රංචුවෙන් වෙන් වී සැලෙද්දී
එවන් උණුසුම් සොඳුරු සුවයක්
පතයි හදවත මට ඇසෙන සේ
කොඳුරමින්...
පැලේ මැටි බිත්තියට ළංවී
අඟුරකින් සටහන් කරන්නෙම්
ඈත දුරු රට සිටින ඔබ ගැන
මැවෙන සිතුවිලි ආදරය හා
පොරකමින්...
මගේ පැල තුළ ඔබට ළංවී
පුරා සඳ රැස් වැටෙන දිනයක
ගයමු ලියු කැටපත් පවුරෙ ගී
මගේ තනිකම ඔබෙ සිනාවෙන්
පිසලමින්...
Related Songs
View All →
Sandakada Pahanaka
සඳකඩ පහණක
Hise Gini Awilethe
හිසේ ගිනි ඇවිලෙතේ
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට