ඉගිල්ලිලා යන්න යන්
කෝ පිහාටු නෑ අනේ
මුහුදු හතේ යන්න යන්
රුවල් හබල් නෑ අනේ
රජෙක් වෙන්න යන්න යන්
ඉහට ඔටුනු නෑ අනේ
අහංකාර විලම්බීත ඇයි...
ඉරු දේවයා වැඩියොත් තමා
බොල් පිණි කැට සැඟවී යන්නේ
සඳ දේවයා වැඩියොත් තමා
ඝන අඳුරේ පාළුව මැකුනේ
රජ මාලිගේ පොඩි පැල්පතේ
මිනිසුන්මය ඉපදී ඉන්නේ
ඒ කාරණා නොදනී මෙදා
ඇයි නොමිනිස්කම් මතු වන්නේ
ඉගිල්ලිලා යන්න යන්
කෝ පිහාටු නෑ අනේ
මුහුදු හතේ යන්න යන්
රුවල් හබල් නෑ අනේ
රජෙක් වෙන්න යන්න යන්
ඉහට ඔටුනු නෑ අනේ
අහංකාර විලම්බීත ඇයි...
අද ඉන්නවා... හෙට යාවීදෝ
නෑ ඒ බව කිසිවකු දන්නේ
මහ සත් මහල්... මැදුරින් පවා
මහ පොළවයි උරුමය වෙන්නේ
මතභේදයෙන්.. අමනාපකම්
ඇයිදෝ දිගටම ගෙන යන්නේ
අපි යාලුවෝ.. අපි යෙහෙළියෝ
නෑ නෑ අපි තරහා වෙන්නේ
ඉගිල්ලිලා යන්න යන්
කෝ පිහාටු නෑ අනේ
මුදු හතේ යන්න යන්
රුවල් හබල් නෑ අනේ
රජෙක් වෙන්න යන්න යන්
ඉහට ඔටුණූ නෑ අනේ
අහංකාර විලම්බීත ඇයි...
අහංකාර විලම්බීත ඇයි...
අහංකාර විලම්බීත ඇයි...
Related Songs
View All →
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ
ආලෙන් වෙල෠ගන්න
Alen Wela Ganna