හුස්ම දිගේ ඉහළ එන්න මට ඔයාව දැනෙනවා
Husma Dige Ihala Enna
  • Lenght : 05:04

  • Song

    හුස්ම දිගේ ඉහළ එන්න මට ඔයාව දැනෙනවා ගී පද / Husma Dige Ihala Enna Lyrics

    හුස්ම දිගේ ඉහළ එන්න 
    මට ඔයාව දැනෙනවා
    ගැස්ම හිතේ වැඩි කරන්නේ 
    නුඹම කියා හිතෙනවා
     
    සිත නිවන...සඳ සෙවන...මගේ ජීවිතේ ඔබ
    මේ ඇත්තමයි මගේ රත්තරනේ..
    මම ආදරෙයි ඔබට....
     
    සඳක් ඇවිත් රැයම ගොළුවුණා.
    හිමින් සැරේ ලඟට ලංවුණා.
    පෙරුම් පුරන.. හීන අපේ 
    ඉටුවෙද මතුදා...
    සුසුම් සැලෙන නිහඬ රාත්‍රියේ 
    සොයමි ජීවිතේ...
     
    සිත නිවන...සඳ සෙවන...
    මගේ ජීවිතේ ඔබ
    මේ ඇත්තමයි මගේ රත්තරනේ..
    මම ආදරෙයි ඔබට....
     
    පෙළින් පෙළේ පිපෙන තාරුකා
    හැඟුම් වටා වියන සෑදුවා.
    සඳක් පිපෙන.. අහස වගෙයි
    හිනැහෙනු නොහඬා....
    හැඟුම් දැනෙන.. නිසල රාත්‍රියේ.. 
    විඳිමු ආදරේ....
     
    හුස්ම දිගේ ඉහළ එන්න 
    මට ඔයාව දැනෙනවා
    ගැස්ම හිතේ වැඩි කරන්නේ 
    නුඹම කියා හිතෙනවා
     
    සිත නිවන...සඳ සෙවන...මගේ ජීවිතේ ඔබ
    මේ ඇත්තමයි මගේ රත්තරනේ..
    මම ආදරෙයි ඔබට..

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS