🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Saturday, 01 August 2026
Husma Dige Ihala Enna
Play Video
Duration ⏱ 05:04
Category Unknown
Unknown ▶ YouTube Original Song

Husma Dige Ihala Enna

හුස්ම දිගේ ඉහළ එන්න මට ඔයාව දැනෙනවා

Watch on YouTube
හුස්ම දිගේ ඉහළ එන්න 
මට ඔයාව දැනෙනවා
ගැස්ම හිතේ වැඩි කරන්නේ 
නුඹම කියා හිතෙනවා
 
සිත නිවන...සඳ සෙවන...මගේ ජීවිතේ ඔබ
මේ ඇත්තමයි මගේ රත්තරනේ..
මම ආදරෙයි ඔබට....
 
සඳක් ඇවිත් රැයම ගොළුවුණා.
හිමින් සැරේ ලඟට ලංවුණා.
පෙරුම් පුරන.. හීන අපේ 
ඉටුවෙද මතුදා...
සුසුම් සැලෙන නිහඬ රාත්‍රියේ 
සොයමි ජීවිතේ...
 
සිත නිවන...සඳ සෙවන...
මගේ ජීවිතේ ඔබ
මේ ඇත්තමයි මගේ රත්තරනේ..
මම ආදරෙයි ඔබට....
 
පෙළින් පෙළේ පිපෙන තාරුකා
හැඟුම් වටා වියන සෑදුවා.
සඳක් පිපෙන.. අහස වගෙයි
හිනැහෙනු නොහඬා....
හැඟුම් දැනෙන.. නිසල රාත්‍රියේ.. 
විඳිමු ආදරේ....
 
හුස්ම දිගේ ඉහළ එන්න 
මට ඔයාව දැනෙනවා
ගැස්ම හිතේ වැඩි කරන්නේ 
නුඹම කියා හිතෙනවා
 
සිත නිවන...සඳ සෙවන...මගේ ජීවිතේ ඔබ
මේ ඇත්තමයි මගේ රත්තරනේ..
මම ආදරෙයි ඔබට..

🎵 Related Songs

View All →
Dan Ithin Wena Kumak Karannada
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ