හුරතලේට කවි කියමින් එහෙ මෙහෙ ගිය මං
බාල බොළඳ බස් දොඩමින් කැලේ පැන්න මං
බාල වියෙන් පිටමං වී යොවුන් වියට පියමැන්නේ
ප්‍රිය ළඳුනේ නුඹ නිසාය
කැදලි පුරා කුරුළු පුරේ ආල හැඟුම් මැවෙනු දුටිමි
කැලේ පුරා ලතා ළපලු තුරුවැල් පෙම් කෙළිනු දුටිමි
එවන් දසුන් මා දුටුවේ....
ප්‍රිය ළඳුනේ නුඹ නිසාය
උනුන් හඹා දුවන පනින සමනල පෙම්වතුන් දුටිමි
රැලෙන් වෙන්ව පීනායන ආදරවන්තයින් දුටිමි
එවන් දසුන් මා දුටුවේ....
ප්‍රිය ළඳුනේ නුඹ නිසාය
Related Songs
View All →
Sandakada Pahanaka
සඳකඩ පහණක
Kele Mal
කැලැ මල් පිබිදේ
Hise Gini Awilethe
හිසේ ගිනි ඇවිලෙතේ
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
ඈත ලෝකයෙන්