හිරු විකසිත වී මිය යන පොළොවේ
Hiru Wikasitha Wee Miya Yana Polowe
  • Lenght : 05:08

  • Song

    හිරු විකසිත වී මිය යන පොළොවේ ගී පද / Hiru Wikasitha Wee Miya Yana Polowe Lyrics

    හිරු විකසිත වී මිය යන පොළොවේ
    එළිය අඳුර සම සමව බෙදයි
    ගත පණ නල වන් රුධිරය මව්ගේ
    කිරට හැරී කුසගිනි දුරලයි..//
     
    සුමුදු වදන් සවනත පාවේ....
    බිළිඳු ඔබේ තුරුලේ සැතපේ....
    ලෝකය බිහි කළ මව්නි මගේ..
    නුඹේ නමට මුළු ලොව ම වඳී....
    මුළු ලොව ම වඳී.....
     
    හිරු විකසිත වී මිය යන පොළොවේ
     
    හද මඩලේ සෙනෙහස් කඳුලින්....
    සුදු බුදු රැස් විහිදුණි අහසේ....
    එවන් මහිමයක් ලොවට උදා කළ...
    මව්නි ඔබට මුළු ලොවම ගැතියි....
    මුළු ලොවම ගැතියි.....
     
    හිරු විකසිත වී මිය යන පොළොවේ

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS