හීන පුරෝගෙන දෑස පුරා නුඹ ආ දා
Heena Purogena Dasa Pura
  • Lenght : 04:24

  • Song

    හීන පුරෝගෙන දෑස පුරා නුඹ ආ දා ගී පද / Heena Purogena Dasa Pura Lyrics

    හීන පුරෝගෙන දෑස පුරා නුඹ ආදා
    මට නම් දැනුනා...
    දෑස ළගින් මුලු ජීවිතයම මුණ ගැසුනා
    හුස්මක් පාසා...
    ආදරයේ උණුසුම් හැගුමක්
    මා ඔබගෙන් ලැබුවා...
    ලේ බිදුවක් බිදුවක්  ගානේ
    ආදරයක් ලැබුවා...
    හීන පුරෝගෙන දෑස පුරා නුඹ ආදා
    මට නම් දැනුනා...
     
    කාටවත් නොකී රහසක් 
    විදිමි නෙතු පියා...
    හිත ඇදී තිබූ රුවටම
    නුඹව ගැලපුනා...
    මා සනසා වදනක් ගානේ
    ජීවිතයක් ලැබුවා...
    සීතල නෑ ඔය සිත වාගේ
    වැටුනත් පිණි මල් වර්ෂා...
    හීන පුරෝගෙන දෑස පුරා නුඹ ආදා
    මට නම් දැනුනා...
     
    මේ දුරත් දැනේ මට නම්
    කල්පයක් වෙලා...
    හුස්මකින් පවා මගෙ මුලු 
    හිතම කියවලා...
    මේ පපුවේ අවසන් හුස්මේ
    නවතා ගන්නේ නුඹ තමා...
    මා නොපැතූ නොසිතූ තරමේ
    ආදරයක් ලැබුනා...
     
    හීන පුරෝගෙන දෑස පුරා නුඹ ආදා
    මට නම් දැනුනා...
    දෑස ළගින් මුලු ජීවිතයම මුණ ගැසුනා
    හුස්මක් පාසා...
    ආදරයේ උණුසුම් හැගුමක්
    මා ඔබගෙන් ලැබුවා...
    ලේ බිදුවක් බිදුවක්  ගානේ
    ආදරයක් ලැබුවා...
    හීන පුරෝගෙන දෑස පුරා නුඹ ආදා
    මට නම් දැනුනා...

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS