🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Thursday, 08 October 2026
Heena Purogena Dasa Pura
Play Video
Duration ⏱ 04:24
Category Unknown
Unknown ▶ YouTube Original Song

Heena Purogena Dasa Pura

හීන පුරෝගෙන දෑස පුරා නුඹ ආ දා

Watch on YouTube
හීන පුරෝගෙන දෑස පුරා නුඹ ආදා
මට නම් දැනුනා...
දෑස ළගින් මුලු ජීවිතයම මුණ ගැසුනා
හුස්මක් පාසා...
ආදරයේ උණුසුම් හැගුමක්
මා ඔබගෙන් ලැබුවා...
ලේ බිදුවක් බිදුවක්  ගානේ
ආදරයක් ලැබුවා...
හීන පුරෝගෙන දෑස පුරා නුඹ ආදා
මට නම් දැනුනා...
 
කාටවත් නොකී රහසක් 
විදිමි නෙතු පියා...
හිත ඇදී තිබූ රුවටම
නුඹව ගැලපුනා...
මා සනසා වදනක් ගානේ
ජීවිතයක් ලැබුවා...
සීතල නෑ ඔය සිත වාගේ
වැටුනත් පිණි මල් වර්ෂා...
හීන පුරෝගෙන දෑස පුරා නුඹ ආදා
මට නම් දැනුනා...
 
මේ දුරත් දැනේ මට නම්
කල්පයක් වෙලා...
හුස්මකින් පවා මගෙ මුලු 
හිතම කියවලා...
මේ පපුවේ අවසන් හුස්මේ
නවතා ගන්නේ නුඹ තමා...
මා නොපැතූ නොසිතූ තරමේ
ආදරයක් ලැබුනා...
 
හීන පුරෝගෙන දෑස පුරා නුඹ ආදා
මට නම් දැනුනා...
දෑස ළගින් මුලු ජීවිතයම මුණ ගැසුනා
හුස්මක් පාසා...
ආදරයේ උණුසුම් හැගුමක්
මා ඔබගෙන් ලැබුවා...
ලේ බිදුවක් බිදුවක්  ගානේ
ආදරයක් ලැබුවා...
හීන පුරෝගෙන දෑස පුරා නුඹ ආදා
මට නම් දැනුනා...

🎵 Related Songs

View All →
Dan Ithin Wena Kumak Karannada
▶
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
▶
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
▶
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ