🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Monday, 03 August 2026
Gimhane Hada Niwuna.. Madura Wasanthaya Mavuna
Play Video
Duration ⏱ 03:58
Category Unknown
Unknown ▶ YouTube Original Song

Gimhane Hada Niwuna.. Madura Wasanthaya Mavuna

ගිම්හානේ හද නිවුණා.. මධුර වසන්තය මැවුණා

Watch on YouTube
ගිම්හානේ හද නිවුනා
මඳුර වසන්තය මැවුනා
ගිම්හානේ හද නිවුනා
මඳුර වසන්තය මැවුනා
පාවෙන නිල් කදු රැල්ලේ
මීදුම් සලු ඇතිරිල්ලේ
දෑතින් දෑතම එතුනා
ගිම්හානේ හද නිවුනා
මඳුර වසන්තය මැවුනා
 
සුදු සද වියනේ
චන්දන අරණේ
තාරකා මල් තුරුලේ
ලා හිරු කිරණේ
දේදුනු සෙවනේ
නෙත් යාවෙන මංගල්ලේ
 
ජීවන තොටුපොළ
සොයා ඇදෙන තුරු
ආදරයේ රන් නෞකා
ඈතට ඉගිලෙන
සුදු පරවියනේ
ආසිරි ගීතය ගයනා
ගිම්හානේ හද නිවුනා
මඳුර වසන්තය මැවුනා
ගිම්හානේ හද නිවුනා
මඳුර වසන්තය මැවුනා
 
පෙර අත් භවයක
බලාපොරොත්තුව
මේ භවයේ හමුවූවා
නෙත් සර අංජන
තොල් පෙති රංගන
හෙට දවසක් ගැන සිතුනා
පුබුදු හිනාවට
කැකුළු කතාවට
ආශාවේ මල පිපුනා
ගඟුලෙ දිය රැලි
පවනෙ සැනකෙලි
ආදරයට සුබ පැතුවා
 
ගිම්හානේ හද නිවුනා
මඳුර වසන්තය මැවුනා
ගිම්හානේ හද නිවුනා
මඳුර වසන්තය මැවුනා
පාවෙන නිල් කදු රැල්ලේ
මීදුම් සලු ඇතිරිල්ලේ
දෑතින් දෑතම එතුනා
ගිම්හානේ හද නිවුනා
මඳුර වසන්තය මැවුනා
ගිම්හානේ හද නිවුනා
මඳුර වසන්තය මැවුනා

🎵 Related Songs

View All →
Dan Ithin Wena Kumak Karannada
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ