🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Friday, 31 July 2026
Game Kopi Kade Denna Depaththe
Play Video
Duration ⏱ 02:48
Category Unknown
Unknown ▶ YouTube Original Song

Game Kopi Kade Denna Depaththe

ගමේ කෝපි කඩේ දෙන්නා දෙපැත්තේ

Watch on YouTube
ගමේ කෝපි කඩේ දෙන්න දෙපැත්තේ
දාං අදින්නේ
ගැටව් කතා බහට කඩ එළිපත්තේ
රංචු ගැහෙන්නේ...
ගමේ රටේ අහේනියයි ළමයිනේ
ඕය පුරසාරම් වැඩකට නෑ ළමයිනේ
 
ගමේ කෝපි කඩේ දෙන්න දෙපැත්තේ
දාං අදින්නේ
ගැටව් කතා බහට කඩ එළිපත්තේ
රංචු ගැහෙන්නේ...
 
අපේ කාලේ අස් වැද්දූ
කුඹුරු ලියදි පාළු වෙලා
තල කුරහං අල දෙල් කොස්
හේන් පිටින් පාළු වෙලා
අම්මා අප්පා මොක මොකවත්
කන්න බොන්න දුන් පලියට
ලැජ්ජ නැද්ද කාලෙ කන්න
ගැටවරයනි කඩ පිල් යට...
 
ගමේ කෝපි කඩේ දෙන්න දෙපැත්තේ
දාං අදින්නේ
ගැටව් කතා බහට කඩ එළිපත්තේ
රංචු ගැහෙන්නේ...
 
අත පය හත්තිය තියෙද්දි
කම්මැලි කම් මොකද බොලව්
මගෙ පපුවත් පත්තු වෙනවා
අර ඉපනැලි යාය බලා
වයස ගියත් මගෙ අත පය
බලාපල්ලා යකඩ වගේ
අපි වවලයි අපි කෑවේ
උත්තම රජ ගොල්ලො වගේ...
 
ගමේ කෝපි කඩේ දෙන්න දෙපැත්තේ
දාං අදින්නේ
ගැටව් කතා බහට කඩ එළිපත්තේ
රංචු ගැහෙන්නේ...
 
අපේ කාලේ අස් වැද්දූ
කුඹුරු ලියදි පාළු වෙලා
තල කුරහං අල දෙල් කොස්
හේන් පිටින් පාළු වෙලා
අම්මා අප්පා මොක මොකවත්
කන්න බොන්න දුන් පලියට
ලැජ්ජ නැද්ද කාලෙ කන්න
ගැටවරයනි කඩ පිල් යට...
 
ගමේ කෝපි කඩේ දෙන්න දෙපැත්තේ
දාං අදින්නේ
ගැටව් කතා බහට කඩ එළිපත්තේ
රංචු ගැහෙන්නේ...
 
අත පය හත්තිය තියෙද්දි
කම්මැලි කම් මොකද බොලව්
මගෙ පපුවත් පත්තු වෙනවා
අර ඉපනැලි යාය බලා
වයස ගියත් මගෙ අත පය
බලාපල්ලා යකඩ වගේ
අපි වවලයි අපි කෑවේ
උත්තම රජ ගොල්ලො වගේ...
 
ගමේ කෝපි කඩේ දෙන්න දෙපැත්තේ
දාං අදින්නේ
ගැටව් කතා බහට කඩ එළිපත්තේ
රංචු ගැහෙන්නේ...
ගමේ රටේ අහේනියයි ළමයිනේ
ඕය පුරසාරම් වැඩකට නෑ ළමයිනේ
 
ගමේ කෝපි කඩේ දෙන්න දෙපැත්තේ
දාං අදින්නේ
ගැටව් කතා බහට කඩ එළිපත්තේ
රංචු ගැහෙන්නේ...

🎵 Related Songs

View All →
Dan Ithin Wena Kumak Karannada
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ