🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Saturday, 01 August 2026
Gamata Kalin Hiru Muluthan Geta Wadina
Play Video
Duration ⏱ 03:59
Category Unknown
Unknown ▶ YouTube Original Song

Gamata Kalin Hiru Muluthan Geta Wadina

ගමට කලින් හිරු මුළුතැන්ගෙට වඩනා

Watch on YouTube
ගමට කලින් හිරු මුළුතැන්ගෙට වඩනා..
ඒ හිරු ඒළියේ නැණ මල් පොඩි පිපුණා
ඒ මල් සුවදේ අද ලොව්තුරු සුව විදිනා
කලා වැවේ නිල් දියවර අපේ අම්මා
 
රෑ කළුවර අරගෙන දරුවන් ඒනතුරු
සිත නෑ නිවන් දකින්නේ
රෑ කළුවර අැවිදින් ඉකිබිද හැඩුවත්
නෙත නෑ නිදි විදගන්නේ
හෙට අරුණට සැරසෙන තව දවසක් ගැන
 
නින්දේ සිහින දකින්නේ
මහමායාවෙනි කවදාදෝ ඔය නෙත්
දරු සෙනෙහසින් මිදෙන්නේ
 
වෙල් දෙණි වල අැවිදින දෙපා රිදෙන විට
විහග ගීත බණ පද වේවා
බෝ මළුවක අැවිලෙන පහන් වැටක් සේ
තුන් සිත නිවී සැදේවා
මතු උපදින සසරේ විසාකාව වී
 
මෙත් මග නෙත් හමුවේවා
අැත් රැජිණියනේ ඔබෙ නැලැවිලි ගීතය
ලොවම නිවන කවියක් වේවා
ගමට කලින් හිරු මුළුතැන්ගෙට වඩනා...
 
ඒ හිරු ඒළියේ නැණ මල් පොඩි පිපුණා
ඒ මල් සුවදේ අද ලොව්තුරු සුව විදිනා
කලා වැවේ නිල් දියවර අපේ අම්මා

🎵 Related Songs

View All →
Dan Ithin Wena Kumak Karannada
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ