ඈත එපිට ගම්මානේ
වෙල අද්දර පුංචි පැලේ
පුංචි පුතා මිදුලට වී
හඳ ඉල්ලා හඬනු ඇසේ...
සඳ මොකටද අපට පුතේ
තරු මොකටද ආකාසේ
පුතා උපන් මේ මව් රට
ඊට වඩා අගෙයි පුතේ...
දෙදහස් වසරක් තිස්සේ
අප හිටියා මේ පොළොවේ
කවදාවත් අපට පුතේ
අගහිඟයක් නෑ දැනුණේ...
ඒ කාලේ අපියි පුතේ
ඔය මහ දාගැබ් හැදුවේ
මූදු වගේ වැව් බැඳලා
ගොඩ මඩ දෙක සරු කෙරුවේ...
පාන්දරින් වෙල් නියරේ
ඇවිදින කොට ලා පින්නේ
වාසනාව මේ පොළොවේ
හිතට කයට දැනෙයි පුතේ...
අපේ ලෙයින් මසින් පුතේ
අප මේ රට ගොඩනැඟුවේ
අපේම පණ පුද කරලයි
අප මේ රට පණ පෙව්වේ...
සිංහල රන්කිරි කට ගා
පොඩි පුතු හෙට ලොකු වෙනවා
රට රකින්න රන් අසිපත
පුතුගෙ අතට මම දෙනවා...
Related Songs
View All →
Sandakada Pahanaka
සඳකඩ පහණක
Hise Gini Awilethe
හිසේ ගිනි ඇවිලෙතේ
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට