දුර ඈත අතීතයේ
ඔබ හා ඇවිද ගොසින්
ආසයි ආ මග ආයෙත් එන්නට
අප පෙම බිඳුණු තැනින්...
දුර ඈත අතීතයේ
ඔබ හා ඇවිද ගොසින්...
බොළඳ සිහිනයකි මා සිත දකිනා
සැබෑ ලොවක ඉටු නොවනු ඇති
එනමුදු තාමත් සිහින මැවෙනවා
මතකය හදවත පතුලේ රැඳී...
දුර ඈත අතීතයේ
ඔබ හා ඇවිද ගොසින්
ආසයි ආ මග ආයෙත් එන්නට
අප පෙම බිඳුණු තැනින්
ඔබ සිත මා සිත දෙලොවක රැඳුනා
නොසිතූ නොපැතූ ලෙසින් ගැටී
එනමුදු තාමත් සිහින මැවෙනවා
මතකය හදවත පතුලේ රැඳී....
දුක ඈත අතීතයේ
ඔබ හා ඇවිද ගොසින්
ආසයි ආ මග ආයෙත් එන්නට
අප පෙම බිඳුණු තැනින්
දුර ඈත අතීතයේ
ඔබ හා ඇවිද ගොසින්......
Related Songs
View All →
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ
ආලෙන් වෙල෠ගන්න
Alen Wela Ganna