දෑත දෙපාලන ගිගිරි සරින්.. මා කැඳවා නොතැවෙන්
Datha Depa Lana Gigiri Sarin
  • Lenght : 03:55

  • Song

    දෑත දෙපාලන ගිගිරි සරින්.. මා කැඳවා නොතැවෙන් ගී පද / Datha Depa Lana Gigiri Sarin Lyrics

    දෑත දෙපා ලන ගිගිරි සරින්
    මා කැඳවා නොතැවෙන්
    සිවුසිය ගව් දුර ඇදෙන ලෙසින්
    සෝක සුසුම් නොහෙලන් //
     
    පෙරමග පියවර මැකෙන ලෙසින්
    ඈතට යනු මැන අසුරු සැනින්
    මා හඬවන්නට සිහින තුලින්
    අයදිමි යළි මෙහි නොඑන ලෙසින්
     
    දෑත දෙපා ලන ගිගිරි සරින්..
     
    නිදි යහනට වන් අකුණු සරින්
    මතක සිහින සිතුවිලි පුබුදන්
    හද මළගම දා මම වැලපෙන්
    විදුලිය සේ යළි සිනහ නොවෙන්
     
    දෑත දෙපා ලන ගිගිරි සරින්..

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS