බාලිකාවියන්.. තක්සලා දොරෙන්
Balikaviyan Thaksala Doren
  • Lenght : 03:48

  • Song

    බාලිකාවියන්.. තක්සලා දොරෙන් ගී පද / Balikaviyan Thaksala Doren Lyrics

    බාලිකාවියන් තක්සලා දොරෙන්
    ඉස්සිලා හොරෙන් බලාවි ගස්සලා නුවන්
    යන්තරේ හඬින් මන්තරේ දුමින්
    රාවණා ඇවිත් හිඳීවි සෙයිලමේ ඉඳන්
     
    ලියා මුතු වදන් යොමා සුවඳ පැන්
    එවා දූතයන් කර මත මහා පෙම් හසුන්
    මවා බොරු වදන් ගෙනා අවසරෙන්
    මිදී කූඩුවෙන් ඉගිලෙති ස්වර්ණමාලියන්
     
    බාලිකාවියන් තක්සලා දොරෙන්...
     
    උත්පලාවියන් බාල බොලඳියන්
    මත්වෙලා පෙමින් දෙනුවන් පෙම්බරා නමින්
    මල් වැටින් එහා රඟහලින් මෙහා
    සිනා පා රුවෙන් කොතැනද රංගනේ රැඟුම් 
     
    බාලිකාවියන් තක්සලා දොරෙන්...

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS