අඟනක්දෝ ඔයා
Anganakdo Oya
  • Category : Music Video
  • Year : 2021

  • Song

    අඟනක්දෝ ඔයා ගී පද / Anganakdo Oya Lyrics

    ඇදහන්න බෑ විශ්මය ගෙනා
    නුඹේ රුව සොයන් ලුහු බැන්ද
    සංසාර සෙවනැල්ල සේ
     
    දේවතාවී අනුහස් මවා
    නෙතු කලබාලා සරසාලා පෙම්පාදලා
     
    නුඹ රුව රැස් මවා දුටුවේ වෙනස් වූ
    අගනක් දෝ ඔයා
    නුඹ රුව රැස් මවා දුටුවේ වෙනස් වූ
    අගනක් දෝ ඔයා
     
    සොයාගන්නට ගිහින් නුඹව මා
    සොරාගන්නටයි උනේ මෙලෙස ආ
    පායුග පාමුල දූවිල්ලක් ලෙස
    තේජස දිය කරලා
     
    මිනිස් දෙව්ලියක් දෝ ඔයා
    සිහිනේ නිල් දෙනෙත් මත් කලා
    දේවතාවී මං ඇද්දෙන් දෙව්
    ලොවින් ආ ලෙස මට හැගෙනවා
     
    නුඹ රුව රැස් මවා දුටුවේ වෙනස් වූ
    අගනක් දෝ ඔයා
    නුඹ රුව රැස් මවා දුටුවේ වෙනස් වූ
    අගනක් දෝ ඔයා
     
    මතුපිටින් නොපෙනෙන අදුරින්
    හදවතේ ගැඹුරුම තැනින්
    පෙම් කලේ කාටත් හොරෙන්
    කෙලෙසින්ද හමුවුනේ ඉතින්
     
    මතුපිටින් නොපෙනෙන අදුරින්
    හදවතේ ගැඹුරුම තැනින්
    පෙම් කලේ කාටත් හොරෙන්
    කෙලෙසින්ද හමුවුනේ ඉතින්
     
    නුඹ රුව රැස් මවා දුටුවේ වෙනස් වූ
    අගනක් දෝ ඔයා
    නුඹ රුව රැස් මවා දුටුවේ වෙනස් වූ
    අගනක් දෝ ඔයා
     
    හැරයන්න බෑ දෙව්ලියේ ඔයා
    මා ලග රැදෙන් මන බැන්ද ස්රුංගාර
    සුපෙම්වන්තියේ
    දේවතාවී අනුහස් මවා
    උමතුව සදා
    පපුවේ හොවා හුස්මේ පවා
     
    නුඹ රුව රැස් මවා දුටුවේ වෙනස් වූ
    අගනක් දෝ ඔයා
    නුඹ රුව රැස් මවා දුටුවේ වෙනස් වූ
    අගනක් දෝ ඔයා

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS