අංගනා
Angana
  • Category : Music Video
  • Year : 2021

  • Song

    අංගනා ගී පද / Angana Lyrics

    බිගු සේනා පීරා පීරා මලට දැනුනා ශෘංගාරේ 
    සද සීතේ පායා පායා හිරුට දුන්නා ආකාසේ 
    නුබ නේදෝ වස්සානේ
    පෙම ගේනා සන්තෝසේ
    තව ලංවෙන්න
    මට හිමිවෙන්න
    සබකෝලෙන් එපා ඉන්න..
    මා දැන් නුඹේ අංගනා..
     
    හීන ඇහැරන්න ජීවිතේ දෙන්න
    මා නොවේදෝ කෙනා
    ප්‍රේම දෝලා සරසවාලා 
    මා බලා ඉන්නවා
    මා ගාව ඔබ ඉන්නවා දැනෙනවා 
    නෑබුල් සිනා මැවෙනවා 
    තව ලංවෙන්න
    මට හිමිවෙන්න
    සබකෝලෙන් එපා ඉන්න..
    මා දැන් නුඹේ අංගනා..
     
    දෑත අරගන්න පාර පෙන්නන්න
    පේ වුනාදෝ සදා 
    හේතු දීලා හාද වීලා 
    මා හැගුම් මත්කලා
    මා ආදරේ නාමයෙන් නිවෙනවා
    කාටත් වඩා දැනෙනවා
    තව ලංවෙන්න
    මට හිමිවෙන්න
    සබකෝලෙන් එපා ඉන්න..
    මා දැන් නුඹේ අංගනා..

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS