අමා දහර දිය ගලා ගාලා කැරෝකේ
Ama Dahara Diya Gala Gala Karoke

ORIGINAL SONG INFO
  • Vocal : Victor Rathnayake
  • Lyrics : Punyasiri Mahawaththa
  • Music : Victor Rathnayake

  • SongOriginal Song

    අමා දහර දිය ගලා ගාලා කැරෝකේ ගී පද / Ama Dahara Diya Gala Gala Karoke Lyrics

    අමා දහර දිය ගලා ගාලා
    තුරු ලතා තුළින් මල් පියලි සලා
    ජය හඬින් ලොවට සිහ නද පතුරා
    ලෝ සත අතරින් ජනිත වුණා
    අමා දහර දිය ගලා ගාලා
    තුරු ලතා තුළින් මල් පියලි සලා
     
    සැපෙහී කිමිදී දුකෙහි ගැලීලා
    මැදුම් පිළිවෙතින් අමා සුව ලබා //
    දහම් සුවඳ මල් දසතම පතුරා
    සියළු කෙලෙස් මැඬ බුදු වූවා
    සියළු කෙලෙස් මැඬ බුදු වූවා
     
    අමා දහර දිය ගලා ගාලා
    තුරු ලතා තුළින් මල් පියලි සලා
     
    ජීවිතයේ ඇති නොනිමි අතිර බව
    ලොවට පැතුරු කරුණාවේ අම ගුණ //
    සියලු සතුන් වෙත දහම් රස පෙවූ
    කරුණාබර නෙත් නිවී ගියා
    කරුණාබර නෙත් නිවී ගියා
     
    අමා දහර දිය ගලා ගාලා
    තුරු ලතා තුළින් මල් පියලි සලා

    Copyright © Isura Wickramarachchi - All rights reserved 2020 - 2021
    Powered by isandi CREATIONS