ආදරෙයි කියා මගෙ දෑසට.. කඳුළු දුන්නට
Adarei Kiya Mage Dasata
  • Category : Music Video
  • Lenght : 03:33

  • Song

    ආදරෙයි කියා මගෙ දෑසට.. කඳුළු දුන්නට ගී පද / Adarei Kiya Mage Dasata Lyrics

    ආදරෙයි කියා මගෙ දෑසට කදුළු දුන්නට
    ආදරේ නිසා කවදාවත් තරහා නෑ මම
    කීව කතා නෑ අමතක ගියත් දුරකට
    හැමදාමත් ආදරේ කරන්නෙ ඔබට
     
    හැම මොහොතේම ඔබ සිහිවී හිත රිදුනාට
    ඒ හිත ළඟ තනි රකින්නේ ඔබගේ මතක
    තනියට මගේ ළඟ රැඳිලා අද නැතුවාට
    හැමදාමත් ආදරේ කරන්නේ ඔබට 
     
    ආදරෙයි කියා මගෙ දෑසට කදුළු දුන්නට
    ආදරේ නිසා කවදාවත් තරහා නෑ මම
    කීව කතා නෑ අමතක ගියත් දුරකට
    හැමදාමත් ආදරේ කරන්නෙ ඔබට
     
    ආදරයෙන් මට ළං වී ආව ඔයාම 
    ආදරයේ දුක දීලා ගියානෙ ඈත 
    ළග නැතිවට හිමි නැතුවට ඔයාගෙ සුවද 
    හැමදාමත් ආදරේ කරන්නෙ ඔබට
     
    ආදරෙයි කියා මගෙ දෑසට කදුළු දුන්නට
    ආදරේ නිසා කවදාවත් තරහා නෑ මම
    කීව කතා නෑ අමතක ගියත් දුරකට
    හැමදාමත් ආදරේ කරන්නෙ ඔබට

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS