🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Monday, 03 August 2026
Adara Chaarika
Play Video
Category Unknown
Unknown ▶ YouTube Original Song

Adara Chaarika

ආදර චාරිකා

Watch on YouTube
ආදර චාරිකා ජීවන චාරිකා
සිතිවිලි අත්වැල් බැඳ යන
ආදර චාරිකා...
දේදුනු මාලිගා ජීවන මාලිගා  
ආදර සිතකින් හදනා
ජීවන මාලිගා...
 
කෝමල රේඛාවක් අඩ නින්දෙන් පිබිදිලා
මිලාන අහසේ දේදුන්නක් මෙන් පායලා...
අනංග මල් හීයෙන් පැටලී ආ ඇමිණිලා
අසෝක මල් පෙත්තක් යයි සුළඟේ පාවෙලා...
 
සුරම්‍ය සීන ලොවේ යන විට පෙම් චාරිකා
ප්‍රසන්න කැල්ම නඟයි චංචල නෙත් තාරුකා...
තුෂාර කඳුළු විමන් මල් වැස්සේ සෝදලා
එක්ටැම් ගෙයට උඩින් දේදුන්නක් පායලා...

🎵 Related Songs

View All →
Dan Ithin Wena Kumak Karannada
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ