විල් දිය සිඳුනාද
Vil Diya

Song

විල් දිය සිඳුනාද ගී පද / Vil Diya Lyrics

විල් දිය සිඳුනාද කිඳුරියේ
පිල් රැස හැලුනාද මොණරියේ
හඬ හඬා කිමද හඳපානේ
ලසෝ ගීතයෙන් ... ලසෝ ගීතයෙන්...
 
 
දෙනවා කී නොකී බොහෝ
අපමණ තෑගි කන්දරා...//
අතරේ පාව ගියා නේද 
අරුම යෞවනේ සෙමින්
සැතපී කුමරි රූසිරී 
පිබිදිය හැකිද අලුයමේ....
 
විල් දිය සිඳුනාද .....
 
නිල්වන වදුල තව තියේ
පුරමින් කුසුම් රොන් පවා...//
පැටලී බමර තුඩේ 
ඇය්ද මුකුළු සීතලේ නොහින්
වියැකී කුමරි බඹසරින්
නොහෙලන් කඳුළු විල් ජලේ...
 
විල් දිය සිඳුනාද ....

Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS