🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Saturday, 01 August 2026
Sanda Kinithi Nami Vil Diyata Ebi
Play Video
Duration ⏱ 03:51
Category Unknown
Unknown ▶ YouTube Original Song

Sanda Kinithi Nami Vil Diyata Ebi

සඳ කිනිති නැමී විල් දියට එබී

Watch on YouTube
සඳ කිනිති නැමී විල් දියට එබී
සොයයි සේයාව සඳේ
ඔබේ නෙතට එබී මගෙ නෙතද සදා
සොයයි සේයාව මගේ..//
 
සසල නොවී විල තිබෙන තුරා
දිලෙයි සඳ දියට යටින්
සසල නොවී විල තිබෙන තුරා
දිලෙයි සඳ දියට යටින්
සසල වෙලා දිය කැළඹුණු දා
බිඳෙයි සඳ කැබලි පිටින්
 
සඳ කිනිති නැමී විල් දියට එබී
සොයයි සේයාව සඳේ
ඔබේ නෙතට එබී මගෙ නෙතද සදා
සොයයි සේයාව මගේ
 
සසල නොවී ඔබ හිඳින තුරා
පෙනෙයි මා ඔබේ නෙතින්
සසල නොවී ඔබ හිඳින තුරා
පෙනෙයි මා ඔබේ නෙතින්
සසර පුරා සැරි සරන තුරා
බලමි ලොව ඔබේ නෙතින්
 
සඳ කිනිති නැමී විල් දියට එබී
සොයයි සේයාව සඳේ
ඔබේ නෙතට එබී මගෙ නෙතද සදා
සොයයි සේයාව මගේ

🎵 Related Songs

View All →
Dan Ithin Wena Kumak Karannada
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ