🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Wednesday, 07 October 2026
Ran Tharakawan Dilena Raye
Play Video
Duration ⏱ 04:17
Category Unknown
Unknown ▶ YouTube Original Song

Ran Tharakawan Dilena Raye

රන් තාරකාවන් දිලෙන රැයේ

Watch on YouTube
රන් තාරකාවන් දිලෙන රැයේ
සේපාලිකාවන් පිපෙන පැයේ
හදවතට ලංවෙන්න කාටත් හොරා
සිහිනයක දැවටී වෙලී
 
රන් තාරකාවන් දිලෙන රැයේ
සේපාලිකාවන් පිපෙන පැයේ
හදවතට ලංවෙන්න කාටත් හොරා
සිහිනයක දැවටී වෙලී
 
මා දෙනෙත අඩ අදුරෙ රඳවා තියා
සඳවතිය පාවී ගියා
මා දෙනෙත අඩ අදුරෙ රඳවා තියා
සඳවතිය පාවී ගියා
පිළිගන්න පුළුවන්ද සඳ දෙව්දුවක්
මේ හැටිම නපුරුයි කියා...
මේ හැටිම නපුරුයි කියා...
 
රන් තාරකාවන් දිලෙන රැයේ
සේපාලිකාවන් පිපෙන පැයේ
හදවතට ලංවෙන්න කාටත් හොරා
සිහිනයක දැවටී වෙලී
 
මා උන්නෙ දොර කවුළු හැරදා තියා
ඔබෙ සුවඳ ඒ යැයි කියා...
මා උන්නෙ දොර කවුළු හැරදා තියා
ඔබෙ සුවඳ ඒ යැයි කියා...
නිදි නොමැති නෙත් අගට කදුලක් තියා
මුළු රෑම ගෙවිලා ගියා..
මුළු රෑම ගෙවිලා ගියා..
 
රන් තාරකාවන් දිලෙන රැයේ
සේපාලිකාවන් පිපෙන පැයේ
හදවතට ලංවෙන්න කාටත් හොරා
සිහිනයක දැවටී වෙලී

🎵 Related Songs

View All →
MANAMALA KATHA
▶
MANAMALA KATHA
මනමාල කතා
2026
Dan Ithin Wena Kumak Karannada
▶
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
▶
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
▶
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ