පෙනෙන නොපෙනෙන දුරක ඉදන්
Penena nopenena duraka idan
  • Category : Music Video

  • Song

    පෙනෙන නොපෙනෙන දුරක ඉදන් ගී පද / Penena nopenena duraka idan Lyrics

    පෙනෙන නොපෙනෙන දුරක ඉදන්
    නුඹ ඇවිත් හිත ලගට හොරෙන්
    ආවට නොකියාම ජීවිතෙන්
    නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්
     
    දකින හිමිවෙන හීනේ....
     
    නුඹ කොතැන හිටියා...
    මතක සැමරුම් අතරේ...
    ජීවිතේ තිබුනා....
    හඩන හිනැහෙන නෙත් නුඹේ
    උරහිසේ තිබුනා...
    ඇත්තමයි නුඹ අහසක්..
    වගේමයි සිතුනා..
    නුහුරු නුපුරුදු හීන අරන්
     
    ලගට ඇවිදින් තුරුලුවෙමින්
    ආවට නොකියාම ජීවිතෙන්
    නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්
     
    මිරිඟුවක හිත තියලා..
    නුඹ දුරක ඇදුනා..
    රංචු ගැහෙනා රෑනේ..
    තනිකමක් දැනුනා
    ඇසිල්ලක දුටු හීනෙන්..
    සිත හුගක් රිදුනා..
    අරුත නොදකින සෙනෙහේ..
    ඔය නමත් රැදුනා...
    පෙනෙන නොපෙනෙන දුරක ඉදන්
    නුඹ ඇවිත් හිත ලගට හොරෙන්
    ආවට නොකියාම ජීවිතෙන්
    නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්
    පෙනෙන නොපෙනෙන දුරක ඉදන්
    නුඹ ඇවිත් හිත ලගට හොරෙන්
    ආවට නොකියාම ජීවිතෙන්
    නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්
    ආයෙමත් ආදරෙන්
    ආයෙමත් ආදරෙන්

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS