පෙමාතුර හැඟුම් ඇගේ නෙත් කැලුම්
Pemathura Hangum Age Neth Kalum
  • Lenght : 02:29

  • Song

    පෙමාතුර හැඟුම් ඇගේ නෙත් කැලුම් ගී පද / Pemathura Hangum Age Neth Kalum Lyrics

    පෙමාතුර හැඟුම් - ඇගේ නෙත් කැළුම්
    හද සංතානේ සදා සරණා අයාචනා සුසුම්..
    නුරාගික පැතුම් - පිපාසිත සිතුම්
    මන මන්දිරේ කලාලය මත මී අමා බඳුන්..
     
    නියාළුව හදින් - පියා නෙතුපියන්..
    යොමා යුග සවන් තනිවෙමි ඇගේ ගී නදින්..
    මුදා නිදි දැහැන් - එබී ලෙන් දොරින්..
    අරාජික පරාදීසය සොයා එමි සිතින්..
     
    පෙමාතුර හැඟුම්...
     
    අරා සිරි යහන් - නිදා වැතිරෙමින්..
    සරා සළෙල සිතිවිලි ගඟ ගිලී නැහැවෙමින්..
    සුරා මල් පැණින් - පොඟා යුග ලවන්..
    පිනා පසිඳුරන් සතපමි සොඳුරු සිහිනයෙන්..
     
    පෙමාතුර හැඟුම්...

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS