හිරු නැගෙනා රූ මවනා
මන බඳිනා ගී ගයනා
බෙර හඩිනා නද සුගනා
තුන් හෙළයම පිබිදෙන්නා
කුරුළු හඩට හිත සනසා
ගොදම්බ හඩ රැව් දෙන්නා
හිරු මඟුලට පෙම් බඳිනා
නුඹ ළඟින්ම මා ඉන්නා
හිතේ අරුම කියාගන්න
සිටිනා තැන කොතෙනා
කිරි උතුරන අරුණැල්ලට
අගනා රූ මැව්වා
ඵල දරනා රන් ගොයමෙන්
සෙනෙහස උතුරන්නා
වසන්තයට මල් වැස්සක් නුඹදැයි මට හිතුණා
හිරු දෙවිඳුනි හිනාවෙන්න
හිතේ සතුට පිරුණයි
නෙතට හොරෙන් හිත අද්දර
කොහෝ හඬක් රැදුනයි...
අලුත් සහල් කිරි බතකට
පෙම් පුරන්න හැකිවයි...
නුඹේ හුරතල් හීන අරන් හිනාවෙන්න හිතුණයි
රූ වරුණා
වද බඳනා
සිත සනසා නෙතු නළවා
හිරු මඟුලට හිනැහෙන්නයි
රූ වරුණා
වද බඳනා
සිත සනසා නෙතු නළවා
හිරු මඟුලට හිනැහෙන්නයි
හිරු නැගෙනා රූ මවනා
මන බඳිනා ගී ගයනා
බෙර හඩිනා නද සුගනා
තුන් හෙළයම පිබිදෙන්නා
කුරුළු හඩට හිත සනසා
ගොදම්බ හඩ රැව් දෙන්නා
හිරු මඟුලට පෙම් බඳිනා
නුඹ ළඟින්ම මා ඉන්නා
අැලේ දොලේ පැන දුවන්න,
තනියක් මට නැතුවා
තිලක තියන් හිනාවෙන්න,
නුඹමැයි රූ අගනා
හිතවත්කම් අස්වද්දන්
හිරු එළි පායන්නා
හෙට දවසට කිරි උතුරන,
සිතුවිලි හිනැහෙන්නා
හිරු දෙවිඳුනි හිනාවෙන්න
හිතේ සතුට පිරුණයි
නෙතට හොරෙන් හිත අද්දර
කොහෝ හඬක් රැදුනයි...
අලුත් සහල් කිරි බතකට
පෙම් පුරන්න හැකිවයි...
නුඹේ හුරතල් හීන අරන් හිනාවෙන්න හිතුණයි
Listen on 👇
🎵Apple Music
https://apple.co/3JiJlBl
🎵Spotify
https://spoti.fi/36WOgem
🎵Deezer
https://bit.ly/3xb9HDc
🎵 Follow Centigradz on Spotify
https://spoti.fi/37luedc
🎵Subscribe *CENTIGRADZ* Official Youtube
https://bit.ly/3hDbng4
Centigradz Social Networks
https://www.facebook.com/centigradzlive/
https://www.instagram.com/centigradz1/
Follow T-Lab Studios
http://tlablk.com/
https://www.facebook.com/tlabstudios/
#Avurudu #centigradz #trending #Avurudu Song #AluthAwurudda #trending #srilanka #sinhalasongs #music #musicvideo #srilankan #rap #india #top10 #teenashanell #Amilaniroshan #Ishanlantra #Erangaug #Digitaldjs #Srilankan #NewMusic #StayTuned #Streaming #AppleMusic #Spotify #deezer #Creative #Music #tlabstudios #Audiocube #විසේ #thusithniroshana
Related Songs
View All →
Mage pin bima raki helayo
මගෙ පින් බිම රැකි හෙළයෝ
RANGUME
උමාරියා
Manda Pama
මන්ද පමා
Chandra Payanna
චන්ද්‍රා පායන්න
Ayyo Saami
අයියෝ සාමි
Ekama Namai
එකම නමයි