🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Saturday, 01 August 2026
Hade Susumak
Play Video
Category Unknown
Unknown ▶ YouTube Original Song

Hade Susumak

හදේ සුසුමක්

Watch on YouTube
හදේ සුසුමක් පතිත වීමෙන්
බකිණි මල් පෙති පර නොවේවා
ඔබේ සුවඳැති හිනා පියුමෙන්
මගේ හදවත සුවඳ වේවා
ලොවේ කෙදිනද
ආදරේ මඟ
දෙපස කරදර හමුනොවන්නේ
 
ගමේ පිපි මල
ගමේ තනිවී
මා නිසා නොවැ දුක් විඳින්නේ //
සුවඳ නැති මල් ඉරිසියාවෙන් //
ඔබේ රුව දැක උමතු වන්නේ
ඇගේ මුවගින්
දොලේ ගීතය
හේන අසලින් මට ඇසෙන්නේ
 
නීල අහසේ
සේද පටුනේ
සැඳෑ කාලේ නැළැවි නැළවී //
ඈත පාවෙන වලාකුළ සේ //
වරළ පිට මැද උනාලන්නේ
එහි සුගන්දය ගීතයක් වී
මගේ තනියට අසල ඉන්නේ ///

🎵 Related Songs

View All →
Sandakada Pahanaka
Sandakada Pahanaka
සඳකඩ පහණක
1973
Hise Gini Awilethe
Hise Gini Awilethe
හිසේ ගිනි ඇවිලෙතේ
Dan Ithin Wena Kumak Karannada
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට