දඟකාර ඔය දෑස දුටුවා එදා
Dangakara Oya Dasa Dutuwa Eda
  • Lenght : 03:28

  • SongCoverKaroke

    දඟකාර ඔය දෑස දුටුවා එදා ගී පද / Dangakara Oya Dasa Dutuwa Eda Lyrics

    දඟකාර ඔය දෑස දුටුවා එදා
    දුර ඈත පාසල් වියේ
    නොදැනීම අපගේම සිත් යා වුණා
    දසුනින්ම හසුනක් මවා //
     
    උදයේ හවා ඔබ හමු වී එදා
    දෙඩුවා බැඳීලා සෙනේ //
    දෙකොපුල් විලේ හසරැල් පිපී
    සතුටින් කල් යා වුණා
     
    දඟකාර ඔය දෑස දුටුවා එදා...
     
    සසරේ සදා අප බැඳෙමුයි පතා
    වැඩුණා හදේහී සෙනේ //
    නිලුපුල් නෙතේ හසරැල් මැකී
    කඳුලින්ම වෙන් වී ගියා
     
    දඟකාර ඔය දෑස දුටුවා එදා...

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS