🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Wednesday, 19 August 2026
Akkata Dan 39
Play Video
Year 2022
Released 12 Mar 2022
Category Music Video
Music Video ▶ YouTube Original Song 2022

Akkata Dan 39

අක්කට දැන් 39

Watch on YouTube
අප්පච්චිගෙ නීති හින්දා අක්කට දැන් තිස් නවයයි
රනින් ඇඹූ කුමාරයා තවම ආවේ නැති පාටයි 
වංසේ කබලේ බදින සද්දෙ ගමටම දැන් හුරු පුරුදුයි
කොළඹ හුළඟ වැදිලා මට අප්පච්චිව දැන් නුහුරුයි 
 
වහින දාට සිදුරු ඇරුණා 
වළං තැන තැන ඉද ඇඩුවා
අක්කා ධර්මෙට ලැදි වූවා 
හිතේ දුකට බණත් ඇහුවා
අම්මා බත් ටික වේලනවා
හෙටත් පිරිමහන්න වෙනවා
ගමන් පෙරලෙන හැටි පෙනුනා 
වලව් ගෙදර පවා දෙදරා
 
අප්පච්චිගෙ නීති හින්දා අක්කට දැන් තිස් නවයයි තිස් නවයයි
රනින් ඇඹූ කුමාරයා තවම ආවේ නැති පාටයි 
වංසේ කබලේ බදින සද්දෙ ගමටම දැන් හුරු පුරුදුයි
කොළඹ හුළඟ වැදිලා මට අප්පච්චිව දැන් නුහුරුයි 
 
පරණ තිරික්කලේ දිරුවා
වයිරා හොරු අරගෙන පැන්නා
නින්ද ඉඩම් පුරන් වෙනවා
උකස් ලෙහා ගන්න බැරුවා
මගේ කෙල්ල මේරි හිල්ඩා
මමත් කොලඹ පල්ලි යනවා
මටත් යන්න සිද්ද වෙනවා
ගෙදර නීති කඩලු පැනලා
 
අප්පච්චිගෙ නීති හින්දා අක්කට දැන් තිස් නවයයි
රනින් ඇඹූ කුමාරයා තවම ආවේ නැති පාටයි 
වංසේ කබලේ බදින සද්දෙ ගමටම දැන් හුරු පුරුදුයි
කොළඹ හුළඟ වැදිලා මට අප්පච්චිව දැන් නුහුරුයි

🎵 Related Songs

View All →
Mage pin bima raki helayo
Mage pin bima raki helayo
මගෙ පින් බිම රැකි හෙළයෝ
2026
RANGUME
RANGUME
උමාරියා
2019
Manda Pama
Manda Pama
මන්ද පමා
2020
Chandra Payanna
Chandra Payanna
චන්ද්‍රා පායන්න
2021
Ayyo Saami
Ayyo Saami
අයියෝ සාමි
2026
Ekama Namai
Ekama Namai
එකම නමයි
2026