HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
අප්පච්චිගෙ නීති හින්දා අක්කට දැන් තිස් නවයයි රනින් ඇඹූ කුමාරයා තවම ආවේ නැති පාටයි වංසේ කබලේ බදින සද්දෙ ගමටම දැන් හුරු පුරුදුයි කොළඹ හුළඟ වැදිලා මට අප්පච්චිව දැන් නුහුරුයි වහින දාට සිදුරු ඇරුණා වළං තැන තැන ඉද ඇඩුවා අක්කා ධර්මෙට ලැදි වූවා හිතේ දුකට බණත් ඇහුවා අම්මා බත් ටික වේලනවා හෙටත් පිරිමහන්න වෙනවා ගමන් පෙරලෙන හැටි පෙනුනා වලව් ගෙදර පවා දෙදරා අප්පච්චිගෙ නීති හින්දා අක්කට දැන් තිස් නවයයි තිස් නවයයි රනින් ඇඹූ කුමාරයා තවම ආවේ නැති පාටයි වංසේ කබලේ බදින සද්දෙ ගමටම දැන් හුරු පුරුදුයි කොළඹ හුළඟ වැදිලා මට අප්පච්චිව දැන් නුහුරුයි පරණ තිරික්කලේ දිරුවා වයිරා හොරු අරගෙන පැන්නා නින්ද ඉඩම් පුරන් වෙනවා උකස් ලෙහා ගන්න බැරුවා මගේ කෙල්ල මේරි හිල්ඩා මමත් කොලඹ පල්ලි යනවා මටත් යන්න සිද්ද වෙනවා ගෙදර නීති කඩලු පැනලා අප්පච්චිගෙ නීති හින්දා අක්කට දැන් තිස් නවයයි රනින් ඇඹූ කුමාරයා තවම ආවේ නැති පාටයි වංසේ කබලේ බදින සද්දෙ ගමටම දැන් හුරු පුරුදුයි කොළඹ හුළඟ වැදිලා මට අප්පච්චිව දැන් නුහුරුයි
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS