ආදරේ බිඳී.. හදවත වේදනා දෙනවා
Adare Bindi Hadawatha Wedana Denawa
  • Lenght : 02:47

  • Song

    ආදරේ බිඳී.. හදවත වේදනා දෙනවා ගී පද / Adare Bindi Hadawatha Wedana Denawa Lyrics

    ආදරේ බිඳී හදවත වේදනා දෙනවා
    පාලුවේ තබා මගෙ මේ දෙනුවන් හඬවනවා
    ජීවිතේ සදා වැලපෙයි වේදනා පිරිලා
    මා ඔබේ ලොවේ කඳුලක් රහසින් පවසනවා
     
    ආදරෙන් පැතූ සියල්ල සුන් වුනේ
    වේදනා ගෙනෙන්න ඇයිද ලංවුනේ
    ජීවිතේම තනිවෙනවා
    වේදනාවෙ වැලපෙනවා
     
    ආදරේ බිඳී හදවත වේදනා දෙනවා
    පාලුවේ තබා මගෙ මේ දෙනුවන් හඬවනවා
    ජීවිතේ සදා වැලපෙයි වේදනා පිරිලා
    මා ඔබේ ලොවේ කඳුලක් රහසින් පවසනවා
     
    දෑස මෙන් සදා රකින්නෙමි කියා
    මා පැතූ ඔයාම ගේවි වේදනා
    පාලුවෙන්ම තනිවෙන්නම්
    වේදනාව වින්දගන්නම්
     
    ආදරේ බිඳී හදවත වේදනා දෙනවා
    පාලුවේ තබා මගෙ මේ දෙනුවන් හඬවනවා
    ජීවිතේ සදා වැලපෙයි වේදනා පිරිලා
    මා ඔබේ ලොවේ කඳුලක් රහසින් පවසනවා

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS