සුදු රළ ගල් කුළ මත හැපි හැපි පෙම් බැන්ද
Sudu Rala Gal Kula Matha
  • Category : Music Video
  • Lenght : 04:03

  • Song

    සුදු රළ ගල් කුළ මත හැපි හැපි පෙම් බැන්ද ගී පද / Sudu Rala Gal Kula Matha Lyrics

    සුදු රළ ගල් කුල මත හැපි හැපි පෙම් බැන්ද
    සවසක අප සයුරු තෙරක සිසිලස වින්ද..
    මතකය සිහිනෙක යළි කිසි දිනෙක නොවින්ද..
    ජිවිතයට මට අමතක නොවෙයි කිරින්ද...
    නොවෙයි කිරින්ද...
     
    මාගම්පුර වන්දනාවෙ කොළොම්පුරේ සිට
    නෑ පිරිවර සමගින් ඔබ පැමිණිය දවසක
    මාගම්පුර වන්දනාවෙ කොළොම්පුරේ සිට
    නෑ පිරිවර සමගින් ඔබ පැමිණිය දවසක
    අහම්බෙන්ම මම දුටුවා ලස්සන ඇස් දෙක..
    වාඩි වෙලා ඔබ සිටිද්දි ගල් තලාව උඩ...
    කිරින්දෙ සවසක...
     
    සුදු රළ ගල් කුල මත හැපි හැපි පෙම් බැන්ද
    සවසක අප සයුරු තෙරක සිසිලස වින්ද..
    මතකය සිහිනෙක යළි කිසි දිනෙක නොවින්ද..
    ජිවිතයට මට අමතක නොවෙයි කිරින්ද...
    නොවෙයි කිරින්ද...
     
    එක දවසක එක සවසක සැඟවී ගිය ඔබ..
    ඊට පසුව හමුවුණෙ නෑ කවදාවත් මට..
    එක දවසක එක සවසක සැඟවී ගිය ඔබ..
    ඊට පසුව හමුවුණෙ නෑ කවදාවත් මට..
    මම නොදනිමි ඔබ කොහේද කාගේ කවුරුද..
    යළි නිරතුරු ඔබ දකින්න එන්නයි මගෙ සිත..
    කිරින්දෙ එනවාද...
     
    සුදු රළ ගල් කුල මත හැපි හැපි පෙම් බැන්ද
    සවසක අප සයුරු තෙරක සිසිලස වින්ද..
    මතකය සිහිනෙක යළි කිසි දිනෙක නොවින්ද..
    ජිවිතයට මට අමතක නොවෙයි කිරින්ද...
    නොවෙයි කිරින්ද...

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS