සමකෝණි ත්‍රිකෝණයකි.. ඔබත් මාත් ඇයත් තිදෙන ගී පද / Samakoni Thrikonayaki Lyrics
සමකෝණී ත්‍රිකෝණයකි ඔබත් මාත් ඇයත් තිදෙන...//
ඔබ එක මුල්ලක සිටියා ඇය තව මුල්ලක සිටියා...//
නෙත් සතරක පහස ලබා මම මේ මුල්ලේ සිටියා..

ඔබ මගෙ ආදරය පතයි
ඇය මගෙ ආදරය පතයි...//
දෙන්නාටම මාත් හිතයි
ත්‍රිකෝණයේ පාද සමයි...//
සමකෝණී ත්‍රිකෝණයකි ඔබත් මාත් ඇයත් තිදෙන...//
සමච්ඡේදනය කරලා
දෙන්නට බෑ පෙම බෙදලා...//
අපි තුන්මුල්ලටම වෙලා
ඉමු මුහුණට මුහුණ බලා...//