මල් වියන්
Mal Wiyan
  • Category : Music Video
  • Year : 2016

  • Song

    මල් වියන් ගී පද / Mal Wiyan Lyrics

    මල් වියන් අතුරා
    ආදරෙන් ඔබ එන මග මා සරසන්නම්
    කීවෙමී එදා
    සෙනෙහේ සිතින්
    නෑ හදේ තරහා
    සිතන්නෙමී
    ඔබෙ සිනහව අමතක ලන්නේ
    නම් කෙසේ කියා
    සැමදා මෙසේ
    සැලුනා ඉඳුරන් මගේ
    තවමත් මතකයි ඒ සිහිනේ
    අඩමානේ යෞව්වනයේ රැවටීලා
    අදරින් අඳ වීලා උන්නෙමී
    මල් වියන් අතුරා
    ආඩම්බරෙන්
    ඔබ එන වග මා පවසන්නම්
    කී වදන් එදා
    බොඳවී ගිහින්
    වාවන්නෑ සොමින් ඔබ හා
    ගෙවූ දවස් මතකෙට නැගෙනා
    හැම මොහොතකදී
    හදේ සඟවා
    ගෙන එන්නෙමී
    සැලුනා ඉඳුරන් මගේ
    තවමත් මතකයි ඒ සිහිනේ
    අඩමානේ යෞව්වනයේ රැවටීලා
    අදරින් අඳ වීලා උන්නෙමී
    හැරයන්නෑ මා කිසිදා
    අප මැවූ දිවි ගෙවූ කතා
    සුන්දර මතකයන් පවා
    සැමදා රැඳී තියෙයි
    මා හා
    සැලුනා ඉඳුරන් මගේ
    තවමත් මතකයි ඒ සිහිනේ
    අඩමානේ යෞව්වනයේ රැවටීලා
    අදරින් අඳ වීලා උන්නෙමී
    සැලුනා ඉඳුරන් මගේ
    තවමත් මතකයි ඒ සිහිනේ (සිහිනේ)
    අඩමානේ යෞව්වනයේ රැවටීලා
    අදරින් අඳ වීලා
    අදරින් අඳ වීලා උන්නෙමී

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS