වසත් කාලය මනරම්
ඔබ මලක් වෙනවානම්
මගේ උයනේ නිකලැල්
පීදිලා එනු හැම කල්
මම දුරින් සුපිපෙන්නම්
නුඹට ලං වෙනු තහනම්
අනුන් සතු උයනේ මං
පීදීලා ලත වෙන්නම්
නෙලනු බැරි මල් ඇයි මේ සොඳුරු
හිතක නැති මල් ඇයි මට නුදුරු
පැතු මලේ රුසිරු
මන්ද මට පස මිතුරු
මලක් වී පැතු බඹරෙකු නොලැබූ
පිපෙන්නට විය දෑතක නුහුරු
ආදරේ සොඳුරු
මට නොවෙද පස මිතුරු
වසත් කාලය මනරම්
ඔබ මලක් වෙනවානම්
මගේ උයනේ නිකලැල්
පීදිලා එනු හැම කල්
මම දුරින් සුපිපෙන්නම්
නුඹට ලං වෙනු තහනම්
අනුන් සතු උයනේ මං
පීදීලා ලත වෙන්නම්
නෙලු මලක් වුව මල් ලොව කවුරු
දුරින් හිඳ මම නරඹමි රුසිරු
නොවෙන් මට නපුරු
කඳුල මගෙ ළඟ මිතුරු
හිත පුරා ඇවිදින ඔබෙ පිලිරූ
අහිමි දුක වලකමි කොයි අයුරු
දුරින් හිඳ නුදුරු
නිවනු මැන ගිනි පුපුරු
වසත් කාලය මනරම්
ඔබ මලක් වෙනවානම්
මගේ උයනේ නිකලැල්
පීදිලා එනු හැම කල්
මම දුරින් සුපිපෙන්නම්
නුඹට ලං වෙනු තහනම්
අනුන් සතු උයනේ මං
පීදීලා ලත වෙන්නම්
Related Songs
View All →
Mage pin bima raki helayo
මගෙ පින් බිම රැකි හෙළයෝ
RANGUME
උමාරියා
Manda Pama
මන්ද පමා
Chandra Payanna
චන්ද්‍රා පායන්න
Ayyo Saami
අයියෝ සාමි
Ekama Namai
එකම නමයි