වසත් කාලය මනරම්.. ඔබ මලක් වෙනවා නම්
Wasath Kalaya Manaram
  • Category : Music Video
  • Lenght : 04:15

  • Song

    වසත් කාලය මනරම්.. ඔබ මලක් වෙනවා නම් ගී පද / Wasath Kalaya Manaram Lyrics

    වසත් කාලය මනරම්
    ඔබ මලක් වෙනවානම්
    මගේ උයනේ නිකලැල්
    පීදිලා එනු හැම කල්
     
    මම දුරින් සුපිපෙන්නම්
    නුඹට ලං වෙනු තහනම්
    අනුන් සතු උයනේ මං
    පීදීලා ලත වෙන්නම්
     
    නෙලනු බැරි මල් ඇයි මේ සොඳුරු
    හිතක නැති මල් ඇයි මට නුදුරු
    පැතු මලේ රුසිරු
    මන්ද මට පස මිතුරු
     
    මලක් වී පැතු බඹරෙකු නොලැබූ
    පිපෙන්නට විය දෑතක නුහුරු
    ආදරේ සොඳුරු
    මට නොවෙද පස මිතුරු
     
    වසත් කාලය මනරම්
    ඔබ මලක් වෙනවානම්
    මගේ උයනේ නිකලැල්
    පීදිලා එනු හැම කල්
     
    මම දුරින් සුපිපෙන්නම්
    නුඹට ලං වෙනු තහනම්
    අනුන් සතු උයනේ මං
    පීදීලා ලත වෙන්නම්
     
    නෙලු මලක් වුව මල් ලොව කවුරු
    දුරින් හිඳ මම නරඹමි රුසිරු
    නොවෙන් මට නපුරු
    කඳුල මගෙ ළඟ මිතුරු
     
    හිත පුරා ඇවිදින ඔබෙ පිලිරූ
    අහිමි දුක වලකමි කොයි අයුරු
    දුරින් හිඳ නුදුරු
    නිවනු මැන ගිනි පුපුරු
     
    වසත් කාලය මනරම්
    ඔබ මලක් වෙනවානම්
    මගේ උයනේ නිකලැල්
    පීදිලා එනු හැම කල්
     
    මම දුරින් සුපිපෙන්නම්
    නුඹට ලං වෙනු තහනම්
    අනුන් සතු උයනේ මං
    පීදීලා ලත වෙන්නම්

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS